"ඒක තමා මං දිලූට නිදා ගන්න රූම් එකක් දෙන්නම්. මෙන්න මෙහෙ ඉන්නවා පිස්සු නොටා." නම්ජූන් කිව්වා.
"හෑ කමක් නැද්ද?"
"කමක් නෑ කමක් නෑ මෙන්න මෙහෙ ඉන්නවා. හාද?" ජින් කිව්වා.
"හා" මම විරිත්තන ගමන් කිව්වා.
"නම්ජූන් අපි මෙයාට ජන්කුක් ගෙ කාමරේ දෙමුද? එයාව ටේගෙ එකට යවලා." ජින් ඇහුවා.
"හා හියෝන්ග් එහෙම හොදයි."
"දිලූ එන්නකො මාත් එක්ක." ජින් මාව එක්කගෙන ගියා.
ජින් ඔප්පා කෙලින්ම දොර ඇරගෙන ජන්කුක් ගේ රූම් එකට ගියා. ඒ වෙලාවේ ජන්කුක් ෆෝන් එක බල බල හිටියේ.
"ආ පොඩි එකෝ තාම නිදි නැද්ද ඕක ඔබ ඔබ ඉන්නේ. මොනාද ඔය බලන්නේ."
"ආ නෑ හියෝන්ග් මුකුත් නෑ. මොකද මෙයා මෙහෙ." ජන්කුක් මං දිහාට ඇගිල්ලක් දික් කරලා පෙන්නන ගමන් ඇහුවා.
"ආහ් මේ අපි වැඩ ඉවර වෙනකොට පරක්කු වුණා. ඒක නිසා දිලූට අද මෙහෙ නවතින්න වෙන්නේ. ඔයා ටේ ගෙ කාමරේට යනවද?"
"අනේ අයියෝ අනේ හියෝන්ග්."
"මේ මේ අනේ පනේ නෙමේ යන්න යන්න." ජින් ජන්කුක් ව දොර ගාවට තල්ලු කරන ගමන් කිව්වා.
"හරි හරි මං යන්නම්. ගුඩ් නයිට්."
"දැන් ගුඩ් නයිට් නෙමේ මෝනින් වෙලා."
"ආ ඇත්තද එහෙනම් මොනින්."
"හරී යන්න යන්න විකාර නොකර ගිහින් නිදා ගන්න."
"ගියෝ." ජන්කුක් එලියට යන ගමන් විරිත්ත ගෙන කිව්වා.
"හරි දිලූ එහෙනම් ටිකක් නිදා ගන්න. මං යන්නම්."
"හරි ඔප්පා තැන්ක් යූ."
"ඕක මොකක්ද අනේ.. අපියි හරිනම් එහෙම කියන්න ඕන." ජින් එලියට යන ගමන් කිව්වා.
ජින් ඔප්පා ගියාට පස්සේ මම පොඩ්ඩක් නිදා ගන්න කියලා ඇදට ගියා. එතකොට වෙලාව 2.30 පහු වෙලා විනාඩි දෙකක් හරි තුනක් හරි පහුවෙලා තිබ්බේ. ඒත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුණා. මං ගිහින් දොර ඇරියහම එතන හිටියෙ oversize ටී ශර්ට් එකකුයි, ජම්පරයක් වගේ කලිසමකුයි ඇදගෙන හිටපු ජන්කුක් ඔප්පා.
YOU ARE READING
දිලූ✨💜
Fanfictionහීන තමයි කෙනෙක් ගේ ජීවිතය ලස්සන කරන්නේ, ජීවීතය කට බලාපොරොත්තු ගේන්නේ.. හීනයක් නැති ජීවිතයක් නිකන් අපායක් වගේ... ඉතින් මේ කතාව තමන්ගේ හීනේ හැබෑ කරගත්ත කෙල්ලෙක් ගැන.. Story about a girl who made her dream come true..💜 Just a fanfiction ‼️ My first BT...
