✨ CHAPTER 09✨

38 6 50
                                        

ටොක් ටොක් ටොක් ✊

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මං දොර ඇරලා බලනකොට එතන හිටියේ ජන්කුක් ඔප්පා...
මං ඉක්මනට ගිහිල්ලා ලැප් එක වහලා ආවා. ඕක දැක්කොත් ඉතින් මාත් සුන් තමා. ජන්කුක් ඔප්පා එළියෙ හිටගෙන ඔලුව විතරක් දොරෙන් ඇතුලට දාගෙන මං මොකක්ද කරන්නෙ කියල බලනවා. අනේ ඇත්තට ඕන නැති දෙයක් නෑ.

"අහ් හහ් හහ් ඒයි මේ නම්ජූන් හියුන්ග් ඔයාට මේකට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට තියෙන ආහ් නෑ අපේ ප්‍රැක්ටිස් රූම් එකට එන්න කිව්වා." හොදට උගුර පාදලා ඇදගෙන හිටපු පිජාමා එක වගේ කලිසම් සාක්කුවටත් අත දාගෙන කිව්වා. අම්මෝ විකට නළුවෙක් වගෙයි අප්පා. මට අල්ලලා මිරිකන්න හිතුණා.

"හරි මං එන්නම්." මං එහෙම කිව්වා විතරයි දඩාස් කියල දොරත් වහගෙන ගමේ යනවා වගේ එතනින් ගියා. බලහල්ලකො මෙයාගේ කෝලම්... නම්ජූන් ඔප්පා එන්න කිව්ව නිසා මාත් ඉක්මනට ප්‍රැක්ටිස් රූම් එකට ගියා.

"දිලූ එන්න ඇතුලට." නම්ජූන් ඔප්පා කතා කලා.
මම දොරත් ඇරගෙන ඇතුලට ගියා. එතන ජින් ඔප්පයි, නම්ජූන් ඔප්පයි, හොබී ඔප්පයි ම හිටියා.

"දිලූ අපි එහෙනම් වැඩ පටන් ගමුද?"

"හා නම්ජූන්ශි. මෙන්න මමත් designs ටිකක් ඇන්දා." මම ඇදපු designs ටික නම්ජූන් ඔප්පාට දෙන ගමන් කිව්වා.

"වාව් ඒ ටික හරිම ලස්සනයි. නියමෙට හදලා තියෙනවා." හොබී ඔප්පා කිව්වා.

"හී තැන්ක් යූ."
අපි ඔහොම රෑ 11 විතර වෙනකම් වැඩ කර කර හිටියා. මම හවස නෙතුලිට මැසේජ් එකක් දැම්මා මං සමහර විට අද එන්නේ නැති වෙයි කියලා. නැත්තම් ඒ හොල්මන ගිනි අරගෙන වගේ හොයයි මාව හතර වටේම.

ට්‍රීං ට්‍රීං... ට්‍රීං ට්‍රීං... ට්‍රීං ට්‍රීං

නම්ජූන් ඔප්පා ට කෝල් එකක් ආවා. නම්ජූන් ඔප්පා කෝල් එක ආන්සර් කලා.

"ම්ම්ම් දිලූ අපිට යන්න වෙනවා. අද පොඩි තුනට ගොඩක් මහන්සියිලු. ඒගොල්ලෝ මේ දවස් ටිකේ හුගක් මහන්සි වෙනවා. ඒක නිසා අද නම් ඩෝම් එකට යන්නම වෙනවා. අපි දවස් තුනකින් විතර ඩෝම් එකට ගියෙත් නෑ."

දිලූ✨💜Место, где живут истории. Откройте их для себя