✨CHAPTER 05✨

70 9 67
                                        

බලාපොරොත්තු නොවූ තරම් වේගයකින් ඒ සතියත් ඉක්මනට ගෙවීගෙන ගියා.

One week later...

අදනම් දෙන්නම උදෙන්ම නැගිට්ටා මොකද එයාලගේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 9.00 ට 8.00 ට වත් airport එකට යන්න ඕන නිසා ඉක්මනට වොශ් දාලා කාලා ඊට කලින් දවසේ ලෑස්ති කරල තිබ්බ එයාලගේ බඩු ටිකත් අරගෙන බෝඩිමේ ඇන්ටිටත් කියලා ඉක්මනට ගෙදරින් එළියට පැන ගත්තා. ඒ වෙනකොටත් ඒගොල්ලෝ බුක් කරල තිබ්බ ටැක්සි එක ඇවිල්ල තිබ්බේ. ඒක නිසා ඒකට නැගගෙන දෙන්නම ඉක්මනට airport එකට ආවා.

DILU'S POV

අපි airport එකට යනකොට 7.30 ට විතර ඇති. ඒ යනකොටත් නෙතුලි ගේ අම්ම ල ඇවිල්ල හිටියේ.

"හලෝ ගුඩ් මෝනින් කොහොමද නැන්දේ."

"ගුඩ් මෝනින් පැටියෝ."

"හාකෝ එහෙනම් අම්මලාට මාව මතක නෑ නේද? මේ හැල වදුරිත් එක්කම කතා කර කර ඉන්නකෝ. මං යනව යන්න."
නෙතුලි බුම්මගෙන යන ගමන් කිව්වා.

"හයියෝ මෙහෙට එන්න ළමයෝ. නංගිත් ඔයා නැතුව හෙන පාලුවෙන් හිටියේ."

"ඔව් ඉතින් මගේ සූකිරි කැටේට විතරයි මට මැසේජ් එකක් හරි දාන්න මතක් වෙන්නේ."
නෙතුලි නංගිව බදාගන්න ගමන් කිව්වා.

"බලහල්ලකො මේ දෙන්නගේ කෝලම්. හා හා දැන් ඇති දෙන්නම එන්නකො මෙහෙට."
නැන්ද නෙතුලි ටයි මටයි කතා කළා.

"හරි එහෙනම් ළමයිනේ දැන් ෆ්ලයිට් එකත් ලගයිනේ. මම කිව්ව දේවල් මතකයි නේද. පරිස්සමින් ඉන්න ඕන හරිද."

"ආහ් ඔව් ඔව් නැන්දේ ඔය කියන්නේ අර සතියකට කලින් කෝල් එකෙන් කියපු ඒවා ගැන නේද? ඒවානම් අපි හොදට අහගෙන හිටියේ."
මම එහෙම කිව්වහම නෙතුලි හෙමින් සැරේ මගෙ පිටිපස්සට වෙලා හිනා වුණා.

"හරි එහෙනම් පුතාලා දැන් ගියානම් හරි. පරිස්සමින් හරිද. මට ගියපු ගමන් කෝල් එකක් ගන්න."
නැන්දා නෙතුලි ව බදා ගන්න ගමන් කිව්වා. ඊට පස්සේ නැන්ද ඇවිල්ල මාවත් බදා ගත්තා.

"බුදු සරණයි දුවේ. ඔයත් පරිස්සමින් ඉන්න ඕන. ඉස්සර වෙච්ච දේවල් ගැන වැඩිය හිතන්න එපා. හරිද?"

දිලූ✨💜Where stories live. Discover now