Chap.05

488 134 35
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

ජන්කුක් හිටියෙ පුරුදු විදියටම එයාගෙ බිම දාපු මෙට්ටෙ දිගාවෙලා සිවිලිම දිහා බලාගෙන. කොල්ලා හේතුවක් නැතුවම සිවිලිම දිහා බලන් හිනා උනා.

ජන්කුක් දැන් අලුත් අත්දැකීම් ලබනවා. මූයෝන් හදලා දුන්න හොර සෙටිෆිකට්ස් එක්ක ගියපු පලවෙනි ඉන්ටර්විව් එකෙන්ම ජන්කුක් තෝරගත්තා. හොර වැඩක්නම් තමයි. ඒත් ජන්කුක් ඉගෙනගන්නවා රස්සාවට උපරිමය කරන්න. ලොකු කම්පැණි එකක ප්‍රොඩක්ශන් එකේ ජොබ් එකක් ලැබෙද්දි බයක් දැනුනත් එයා මහන්සි වෙලා ඉගෙනගත්තා.

මුලු රෑම එයා ඔන්ලයින් ඒ ගැන අධ්‍යනය කලා. සති අන්තේ පුස්තකාලෙට වෙලා පොත් ගොඩාක් එකතු කරගත්තා. කියවගන්න බැරි තරම් ලෝබ කමේ පොත් උස්සන් ආවත් ජන්කුක් අතෑරියෙ නෑ. එයා එලිවෙනකම් රෑ වෙනකම් කලේ ඒ පොත් දිහා බලන් බාවනා කරපු එක. දැන් උනත් මෙට්ටෙ උඩම ජන්කුක්ගෙ  පැත්තකින් කටුසටහන් ගහපු පොත් කීපයක් තියනවා ඇද වැල් අකුරුත් එක්කම.

අන්තිමේදි පුංචි කාලෙදි මගෑරුන ජන්කුක්ව ආයෙමත් ටිකෙක් ටික මතු උනා. පුංචි ජන්කුක් කැමතිම දේ උනෙත් පොත් ගොඩාක් කියවලා අනිත් හැමෝටම වඩා දැනුමක් තමන් ලග තියන බව ලෝකෙට පෙන්නන්න. දැන් ජන්කුක් ඒ තරම්ම නැතත් එයාට ඕනි උනේ රස්සාවට උපරිමම සාධාරණය දෙන්න.

මොකද එයාට ඒක අලුත්ම දෙයක්. ගහමරා ගන්නවට වඩා කෙනෙක්ව ගාඩ් කරගෙන හැම මොහොතකම එයාගෙ පස්සෙන් යනවට වඩා මේක වෙනස්.

ජන්කුක් හැම රෑකම යොන්හිව මතක් කලා උනත්, ඒ මතක අතර සැරිසැරුවා උනත්... දැන් දැන් සමහර දවස් වලදි කොල්ලාට නොදැනිම එදා දවසෙ උන සමහර සිදුවීම් අතරම කොල්ලා හිර උනේ යොන්හිගෙ මතක වලට ඉඩ නොදීම. හැබැයි සැරින් සැරේ එයා හිතලම යොන්හි එක්ක ගෙව්ව කාලයේ මතක ආවර්ජනය කරන්න උත්සාහ කලා. එයාට තවමත් ඕනි උනේ නෑ ඒවා අමතක කරන්න.

Second Chance || JJK (Completed) Where stories live. Discover now