Chap.25

450 120 32
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

මිසිස් ලී ආපු කෙනා වෙනුවෙන් දොර ඇරියෙ පුංචි හිනාවක් එක්කමයි. ඒත් එයාගෙ ඒ හිනාව තත්පරයෙන් නැති වෙලා ගියා එතන හිටපු හැඩිදැඩි පිරිමි කීපදෙනා දැකලා. ඒ අයගෙ මූණුවල සුහදශීලි බවක් තිබුනෙ නෑ. ඉස්සරම හිටපු එක්කෙනා බබල්ගම් එකක් හපන අතරෙම කටකොනේ අමුතු හිනාවක් දැම්මෙ ඔලුවත් ටිකක් පහත් කරලා ඇස් යටින් බලන ගමන්. ඒ කෙනාගෙ ඉණේ තුවක්කුවක් ඉලිප්පිලා පේන හැටිත්, පිටිපස්සෙන් ඉදපු තුන්දෙනා අතෙත් පොලු තියන හැටි මිසිස් ලී දැක්කා. ක්ශනිකවම දොර වහලා දාන්න උත්සාහ කලත් එයාට ඒක කරගන්න බැරිඋනා. බබල්ගම් හපපු කෙනා දොර වහන්න ඉඩ නොදීම එයාවත් තල්ලු කරගෙන ඇතුළට ආවා.

මූයෝන්ගෙ ඇසුත් බයෙන් ලොකු වෙද්දි මිසිස් ලී කෑගැහුවෙ ඒ අයට ගේ ඇතුළට එන්න නොදී පාර හරස් කරන ගමන්.

"මේ මොකද!??. එලියට යනවා.! සෝජූන්!... සෝජූන්!!."

මූයෝන්ගෙ ඇස් ඉක්මනින්ම මෙට්ටෙ ලගට ගියා. ඒත් දැන් එතන සෝජුන්වත් එයා අල්ල අල්ල ඉදපු බෑග් එකවත් තිබුනෙ නෑ. කෙල්ලට ඒ ගැන හිතන්න වෙලාවක් තිබුනෙත් නෑ.

අම්මවත් තල්ලු කරගෙන ළගට එන මිනිහා දකිද්දි කෙල්ල ඉබේම හිට්ට උනා. නොදැනිම එයාගෙ අතක් බඩට ගියෙ හැමදේටම වඩා පුංචි පැටියා එයාට වටින නිසා. තව පොඩි කාලයයි එයාට එලියට එන්න තිබුනෙත්.

කෙල්ලට අඩි දෙක තුනක් තියෙද්දි නැවතුන ඒ මිනිහා ගේ පුරාම ඔලුව හරවා හරවා බැලුවා.

"මේකද උගෙ ගේ?"

"ඔව් බොස්."

ඒ කෙනා අහපු පමාවට පිටිපස්සෙන් හිටපු එකෙක් උත්තර දුන්නා. ඊළගට ඒ කෙනා කටේ තිබුන බබල්ගම් එක අතට අරගෙන ටිකක් නැවිලා එතනම තිබුන ස්ටූල් එකේ යට පැත්තෙන් අලවන හැටිත් කෙලින් වෙනවත් එක්කම කෝට් සාක්කුවකින් එලියට සිගරට් පැකට් එකක් ගන්න හැටිත් කෙල්ල බලන් හිටියා.

Second Chance || JJK (Completed) Where stories live. Discover now