Chap. 20

660 117 28
                                    

Moo-yon's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon's pov-

ළඟ තිබුන ලස්සනම ගවුම එක්ක මම කණ්නාඩිය ඉස්සරහා හරහට හිටගෙන මගේ පුංචි පැටියා හැංගුණ දිහා බලන් හිටියා. තවම මට අම්මා කෙනෙක් අදින හුරතල් ඇදුම් ගන්න වෙලාවක් ලැබුනෙ නෑ. ගිය සති අන්තෙ ගන්නවා කියලා හිතුවත් අපි සෙනසුරාදා, වෙලාවක් ලැබුන මොහොතෙම ජන්කුක්ගෙ ඔම්මා බලන්න ගියා. එදා එයාට මුලු දවසම අම්මා එක්ක කියවන්න දේවල් තිබුනා. මුලු දවසම!....ඊලග දවසෙ ක්ලීනික් එකට ගියා. ජන්කුක්ට ඒක අලුත් දෙයක් උන නිසාම එයා ඒ දවසෙ හිටියෙ පුංචි දරුවෙක් වගෙ. මම කියලත් වෙනසක් නෑ. මොකද මේ දේවල් මටත් අලුත්.

ඔම්මටයි ඔප්පාටයිත් මේ ලස්සන ආරංචිය ගැන කියන්නම උනා ජන්කුක් බල කල නිසා. ඔම්මා සතුටු උනත් මට ඔප්පගෙ සතුට ගැනනම් ඒ හැටි විශ්වාසයක් නෑ. මට ඒක එහෙම බෙදාගන්න ඕනි උනෙත් නෑ. ඒත් ජන්කුක්ට ඕනි උනා.

හෙට ආයෙමත් සති අන්තය. හෙට අනිවාර්යයෙන්ම අපි මටයි දරුවටයි ඕනි දේවල් ගන්න හිතාගෙන හිටියත් අද මම ස්කෝලෙ යන්න ඕනි. කලින් මම එක දිගටම නිවාඩු ගොඩාක් ගත්ත හින්දම මට මේ සතියම ස්කෝලෙ නොයා ඉන්න බැරි උනා. තවම සැරින් සැරේ අසනීප වෙනවා. ඉතින් මම පුලුවන් දවසට අනිවාර්යයෙන්ම යන්න ඕනිනේ.

කණ්නාඩියෙන් මාව පෙනුනෙ හරිම පින් පාටට. දැන් මම විතරක් නොවන හින්දද මන්දා මට මාව හරි ලස්සනට පෙනුනේ. සුදු පාට මල් වැටුන දිගම දිග ගවුම මාව තවත් ලස්සන කරවලා. ජන්කුක්ගෙ තේරීම් ගොඩක් ලස්සනයි. කලිසම්වත්, බඩ හිරවෙන ඇදුම්වත් අදින්න බය හිතුන නිසාම මම ඇන්දෙම ජන්කුක් තෝරලා දුන්න තරමක් ලොකු ගවුම් දෙක තුනක්.

කණ්නාඩියෙන්ම මට ජන්කුක් දොර ඇරගෙන කාමරේට එන හැටි පෙනුනා. මූණ බෙරි කරගෙන ඉන්න විදිහටම මම දන්නවා එයා ඊලගට කියන්න යන දේ. 

Second Chance || JJK (Completed) Where stories live. Discover now