Chap.24

463 124 80
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

සෝෆා එකේ පහසුවට වාඩිවෙලා අයිස්ක්‍රීම් හැන්ද කටේ ගහගත්ත මූයෝන් ටිකකට කල්පනා කලා එයාගෙ හිතේ තියන දේ අහන එක හොදද කියලත්. ඔම්මා කෙල්ල ඉස්සරහාම බිම වාඩිවෙලා ලොකු බේසමක කිම්චි හදනවා. මූයෝන් ඔම්මගෙ අතින් හදපු කිම්චි කන්න ආසයි කිව්ව නිසාම මිසිස් ලී ඒක හදන්න ගත්තා. දැන් මූයෝන්ට කිම්චි එපා වෙලා නෙවෙයි. ඒත් කෙල්ලට එකපාරම ඔලුවට ආපු වෙන කෑමක් නිසා දැන් කිම්චි ගැන තිබුන ආසාව නැති වෙලා වගේ. කොටින්ම එයා ආසාවෙ කන ටූත්පේස්ට් රස අයිස්ක්‍රීම් එකත් කෙල්ලට ටිකකට අමතක උනා.

"ඔම්මා...?"

"ම්ම්?"

මිසිස් ලී කෙල්ල දිහා නොබලම ප්‍රතිචාර දුන්නා. එයා ගෝවා වල පුංචි තැනක්වත් මග නොඇරෙන්න හොදින් පේස්ට් එක තැවරුවා ඒකටම අවධානය දීගෙන.

මූයෝන් ඔම්මගෙන් දේවල් නොඉල්ලපු තරම්. අඩුම තරමින් එයාට අඩුපාඩු උන කෑමවත් දෙපාරකට ඉල්ලන්න කෙල්ල කැමති නෑ. අවුරුදු පහලවේ මූයෝන්වත් ඔම්මගෙන් මුකුත්ම ඉල්ලන්න කැමති උනේ නෑ. තමන් ඒ පවුලෙ නෙවෙයි කියන හැගීමත් එක්ක කෙල්ල පුලුවන් තරම් එයාගෙ අවශ්‍යතා හංගගත්තා. ඒත් දැන්?.. හෝමෝන වල වෙනස්වීම් නිසාදෝ මන්දා කෙල්ලට ඔම්මගෙන් ඉල්ලන්න ගොඩාක් දේවල් තියනවා.

ඉස්සර මූයෝන් වගෙ මුරණ්ඩුකම් කරන්න බඩේ ඉන්න පුංචි පැටියා කෙල්ලට ඉඩ දුන්නෙ නෑ. ඒ නිසාම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ල මිසිස් ලීගෙන් දෙයක් ඉල්ලුවා. දැන් එයාට තවත් දේවල් ඉල්ලන්න ඕනි.

මිසිස් ලී කෙල්ල කිම්චි ඉල්ලද්දි ආසාවෙන් ඕන කරන දේවල් එකතු කරන් හදන්න ගත්ත හැටි කෙල්ල දැක්ක නිසාම කෙල්ලට තව හිතුනා ඔම්මා ළඟ හුරතල් වෙවී කෑම හදාගන්න.

Second Chance || JJK (Completed) Where stories live. Discover now