Chap.21

611 116 17
                                    

Jungkook's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook's pov-

අලුතෙන්ම ලැබුන ලස්සන ප්‍රමෝශන් එකත් එක්ක මගේ ජීවිතේම ලස්සන විදිහකට වෙනස් වෙලා තිබුනා. පුංචි බෙලි බම්ප් එකත් එක්ක කෙල්ලව දකිනකොට මට දැනෙන හැගීම කියාගන්න වචනවත් තිබුනෙ නෑ. දවසින් දවස ඒ බණ්ඩිය චුට්ටෙන් චුට්ට ලොකු උනා. ඒ හා සමානවම මූයෝන්ගෙ තරහා, පොසෙසිව් ගතියත් වැඩි උනාට මොකද ඒකත් එක අතකට හුරතල්.

මට ඕනි හැමදේම එයාට කරලා දෙන්න. එයා මගෙ එකම පවුල. ආහ් නෑ. ඒ දෙන්නා. දැන් දෙන්නා. දෙන්නම මගෙ පවුල. මට එයාලා වෙනුවෙන් හැමදේම කරන්න ඕනි. පුංචිම පුංචි දේවල් පවා එයාට කරලා දෙන්න ඕනි. මගෙ චූටිමැණිකව වගේම මූයූවත් මට ගොඩාක් පරිස්සම් කරගන්න ඕනි. ඒක වෙනස් හැගීමක්. අප්පා කෙනෙක් කියන එක වෙනස්ම දෙයක්. හැම මොහොතකම ලොකූ වගකීමක් තියනා දෙයක් උනත් මම ඒකට කැමතියි. මූයෝන්ව හැම තත්පරේම රසවිදින්න මට ඕනි. සාමාන්‍ය ගෑනියෙක් කියන මට්ටමින් රසවිදිනවට වඩා තමන්ගෙ චූටි පැටියා බණ්ඩියෙ හංගගත්ත ගැහැනිය රසවිදින එක වෙනම හැගීමක්.

මගේ අත උඩ තිබුන මූයෝන්ගෙ මූණ දිහා මම ගොඩාක් වෙලා බලාගෙන හිටියා. එයා ලස්සනයි. දරුවා නිසාදෝ දැන් කම්මුල් ටිකක් බෝල වෙලා තවත් ලස්සනයි. එයා නිදාගෙන හිටියෙත් කට ඇරගෙන එයාගෙ කෙල තලියම මගෙ අත පුරා පිරිලා යන විදිහට උනත් මට පෙනුනෙ ඒක හුරතල් විදිහට. එයා මගෙ වයිෆ්. මූයෝන්ගෙ මේ හුරතල් පුංචි දරුවෙක්ගෙ වගේ හැසිරීම් දකින, විදින එකම කෙනා මම උන එක ගැන මට තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.

දවස ගානෙ මම මගේ පරන මතක වල දුවඇවිද්දා. ජේකේ ජීවිතේ කියලා අදුනගත්ත දේවල් අද මට වෙනස්. මට තවමත් මේක හීනයක් වගෙ දැනෙනවා. සමහර වෙලාවට බය හිතෙනවා මම එකපාරම මේ හීනෙන් නැගිටීවිද කියලත්.

Second Chance || JJK (Completed) Where stories live. Discover now