Chap.06

429 130 33
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

"මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඔම්මා. අපි දෙන්නා ලිවින් ටුගෙදර්."

මූයෝන් කියනවත් එක්කම ජන්කුක්ට කැස්සක් පිට උනේ ඉබේම වගෙ කෙල්ල දිහාත් බලද්දි. කෙල්ල ඒ වෙද්දිත් ජන්කුක් දිහා බලාගෙන හිටියේ. ඒ ඇස් වලින් මොකක්දෝ ඉල්ලීමක් කරනවා වගේ දැනුන නිසා වගේම මූයෝන්ට හොද හේතුවක් ඇති කියලා හිතුන නිසාත් ජන්කුක් ඒ වෙනුවෙන් මුකුත් නොකියම අනිත් පැත්තට මූණ හරවගත්තා. ඒත් ඒකට ජන්කුක් කැමති නෑ. කොල්ලා තදින් අත මිටමොලව ගත්තෙ සල්ලි තියෙද්දිත් මේ ගෙදෙට්ටම වෙලා හිටපු එකට එයාටම සාප කරගන්න ගමන්. එයා දැන දැනම මේ ගේ අස්සට වෙලා හිටියා.

"ඒ කියන්නෙ ඔය දෙන්නා මැරි කරන්නද ඉන්නෙ?"

මූයෝන්ගෙ ඔම්මා කතාකලේ එයා මූයෝන්ගෙ වචන එක්ක පුදුම උනේ නැති ගානට.

"අනී(නැ) ඔම්මා. ලිවින් ටුගෙදර් ඉන්න හැමෝම මැරි කරන්නෑනේ. අපිට එකට ජීවත් වෙන්න බැරිනම්, අදහස් ගැලපෙන්නැත්තම්.... අපි මැරි කරන්නැ. ඒක දැනගන්න ඕනි නිසයි අපි එකට ජීවත් වෙලා බලන්නෙ"

"මන් කිව්වනෙ ඔම්මා! මම කිව්වනෙ සල්ලි හම්බකරනකොට මොකෙක්ම හරි එකෙක් රවට්ටගනි කියලා!!."

කෙල්ලගෙ ඔප්පා මැදින් පැනලා කෑගහන අතරම තරහෙන් ජන්කුක් ලගට පැන්නත් මූයෝන් ඉක්මනින්ම ජන්කුක්ව තමන්ගෙ පස්සට කරගත්තා. 

"හහ්!! මම කිව්වා ඔම්මා ඔයාට මේ පොඩි එකීව තනියෙන් නොතියා මම මෙහෙ නවතින්නම් කියලා. දැක්කනෙ දැන් කරගෙන තියන තරම. ඌව බේරනවත් එක්ක."

සෝජූන්, එහෙමත් නැත්තම් මූයෝන්ගෙ කට හද හදා කියෙව්වා. ඒත් කෙල්ල කලේ ඇස් රෝල් කරලා නෝන්ඩියට වගේ හිනා උන එක.

Second Chance || JJK (Completed) Where stories live. Discover now