Chap.11

491 136 41
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

නිදි මතේම එහෙමෙහෙ වෙන්න හදන ජන්කුක්ට අපහසුවක් නොවෙන්න මූයෝන් චුට්ටක් අතට බරවෙලා ඉස්සුනා. කෙල්ල ඉස්සුන පමාවට කෙල්ලට යට වෙලා හිරිවැටිලා තිබුන අත ඇදලා ගත්ත ජන්කුක් ආයෙමත් තොල් උලුප්පගෙන නින්දට වැටුනා. කොල්ලා ඇස් දෙකවත් ඇරියෙ නම් නැ. මොකද ඉතින් මූයෝන්ට වගෙ ජන්කුක්ටනම් මහ රෑ කාගෙවත් මූණ දිහා බලන් භාවනා වඩනවා වගෙ වැඩ තිබුනෙ නෑනෙ.

"මගේ ජන්ගූ..."

ලාවට මුමුණපු කෙල්ල ආපහු ජන්කුක්ගෙ කොට්ටෙ උඩින්ම ජන්කුක්ගෙ මූණ දිහා බලන් ඔලුව තියාගත්තා. එක අතක් කෙල්ලගෙ ඔලුවට යටින් රැදෙද්දි අනිත් අතේ ඇගිලි තුඩු ජන්කුක්ගෙ මූණ පුරා එහෙමෙහෙ ගියා. මූයෝන් ජන්කුක්ගෙ බෝල නහය චූටියට ඔබලා බැලුවා. ඇහිපිල්ලම් අතරත් හෙමි හෙමින් ඇගිලි තුඩු එහෙමෙහෙ කලා. අන්තිමේදි තොල් අතරත්.

"පෆ්ඃ... අඩුම නහයවත් ඇදවෙලා නෑ... ඕකනෙ මට ශුවර් නැත්තෙ. ඔක්කොම කෑලිබෑලි ටික හරියට සෙට් උනාම හරියන්නෑ කියලා එයාව මවපු දෙය්යට තේරිලා නැද්ද කොහෙද!?. කමන්නෑ ... දෙය්යටත් උණ ගැනෙන්න, කවුරු හරි ඕනවට වඩා ඒවා මේවා කලොත් ඒම මම ඔයාගෙ නහය මෙහෙක් කල්ලා ඇද කරලා දානෝ.වැඩිය ඕන්නෑ. චූට්ටක් ඇද කරනවා."

මුයෝන් පිස්සු කෙල්ලෙක් වගෙ රහසින් එයා එක්කම කියෙව්වා. ජන්කුක්ටත් ඇහෙන්න තිබුනා කොල්ලා ඇහැරිලා හිටියානම්... ඒත් කොහෙද කොල්ලා පුංචි ගෙරවිල්ලක් එක්කම තද නින්දෙ.

ජන්කුක්ගෙ මූණට තා ටිකක් ලං උන කෙල්ල එයාගෙ නහයෙන් ජන්කුක්ගෙ නහයට අනින්න උත්සාහ කලා. ජන්කුක්ගෙ උනුහුම් හුස්ම කෙල්ලගෙ නිකට හරියට වදිනකොට මූයෝන් ඇස් දෙකත් තද කරගෙන අත්ලවල් දෙකත් එක්ක මුලු ඇගම මිරිකගන්න ගමන් හිනා උනා. ඒක ශෝක්. කෙල්ලට දැන් කෑගහන්න හිතෙනවා.

Second Chance || JJK (Completed) Where stories live. Discover now