Chap.27 (Last Chap)

671 147 87
                                    

Jungkook's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook's pov-

මූයූ චූටි මැණික එක්ක හරිහරියට කෝලම් කලා. ඒත් මගේ හිතට ඒ තරම්ම නිදහසක් දැනුනේ නෑ.

ලොකු කාලයක්...

එයාව නොදැක ලොකු කාලයක් ගෙවිලා ගිහින්. මගේ ජීවිතෙත් මම ලොකු දුරක් ඇවිත්. මම නෙවෙයි අපි... අපි හැමෝම ලොකු දුරක් ඇවිත් ආයෙමත් හැරෙන්න බැරි තරම්ම. මූයොන්, මම, හන්ජේ... මගෙ මැණික්...

ඒත් මට තේරුමක් නෑ හන්ජේ ඇවිත් මැණික්ව හම්බවෙන්න කියලා ඉල්ලීම් කරනකොට මගේ හිත මේ තරම් ආඩම්බර වෙන්නෙ මොකක් ගැනද කියලා.

"ජන්කුක් ප්ලීස් මට උදව් කරන්න. මගෙ දරුවො දෙන්නටම එයාලගෙ අම්මව ඕනි. මට මගෙ වයිෆ්ව ඕනි ජන්කුක්. එයා ඔයා ගැන වදවෙනවා. ඔයාව හොයාගන්න මට ගොඩාක් මහන්සි වෙන්න උනා ජන්කුක්. මට හිස් අතින් යන්න බෑ."

හන්ජේගේ සමහර වචන ආයෙ ආයෙමත් මගෙ ඔලුවෙ දෝංකාර දුන්නෙ මට අමුතු ආඩම්බරයක් ඇති කරවලා. එයාට තවමත් මාව ඕනිලු. මැණික්ට තවමත් මාව ඕනිලු. අවස්ථානුකූල නොවුනත් මට දැනුනේ දරාගන්න බැරි තරම් සතුටක්. එයාගෙ ජීවිතේ මට ලොකු ඉඩක් තියනවා...

"ජන්ගූ..."

කණ්නාඩිය ඉස්සරහා වෙනදාටත් වඩා වෙලාවක් ඉදපු මගෙ ලගට දරුවාවත් වඩාගෙන ආපු මූයු මගේ කොලර් එක හදලා ශර්ට් එකට පිටිඅල්ලෙන් ගහලා රැලි හැදුවා. එයාට මොනවදෝ කියන්න ඕනි වෙලා කියලා මම දන්නවා. ඒත් එයා මගෙ ඇස් දිහා බැලුවෙ නෑ. මූයු අතේ හිටපු චූටිමැණික එයාගෙන් මගෙ අතට ගත්ත මම චූටිමැනිකගෙ මූණ පුරා හාදු තිබ්බා. මම එයාව හුරතල් කරන අතරෙ මූයෝන් කොණ්ඩෙ පීරගෙන පුංචි කට්ටකින් පිටිපස්සට කරලා රදවගත්තා. එයා වෙනදට වඩා ලස්සන වෙලා. සමහරවිට පුංචි මේකප් එකක් දාලා නිසා වෙන්නැති. මූයෝන් මේකප් වලට වෙලාව වෙන් කරපු කෙනෙක් නෙවෙයි. ඒත් අද වෙනස්.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Second Chance || JJK (Completed) Where stories live. Discover now