Chap.15

532 127 42
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

මෙට්ටෙ උඩම දරණ ගහගත්ත මූයෝන් රතු පාට මාකර් එකක් අතක රදවගෙන ඒකෙ කොනෙන් ඔලුවට තට්ටු දැම්මා. කෙල්ලට එහා පැත්තෙන් ඒ විදියටම වාඩි වෙලා ඉදපු ජන්කුක් පත්තර පිටුව පුරාම ලොකු ලොකු බෝල ඇන්දා. මුලු මෙට්ටෙ පුරාම ජොබ් වේකන්සීස් වලින් පිරුණ පත්තර කොළ ගොඩාක් විසිරිලා ගිහින්. ජන්කුක්ගෙ ඉස්සරහින් තිබුන ලැප් එකේ ස්ක්‍රීන් එකේ තිබුනෙත් ජොබ් වේකන්සීස්. කෙල්ලගෙ ඔඩොක්කෙ තිබුන ෆෝන් එකේ තිබුනෙත් ජොබ් වේකන්සීස්.

දෙන්නගෙ වටේටම බාගෙට කාපු කෑම පැකට්, මිල්ක්ශේක් බෝතල්, චිප්ස් බෑග් ගොඩාක් තිබුනා උනත් කවුරුත් ඒවා අස් කලෙත් නෑ. සැරින් සැරේ මූයෝන් එතනින් නැගිටලා තව මොනාහරි කෑමක් ගෙනත් තිබ්බා විතරයි. ගෙනාපු දේවල් වල කුණුනම් අස් කලේ නෑ. ඒ වෙනුවට අවස්ථානුකූලව ඒ කුණු අතෙන් එහෙට මෙහෙට තල්ලු කලා එයාලට ඒ වෙලාවට ඕනි උන ඉඩ හදාගන්න.

"ජන්ගු... මේකත් හොදයි නේද? අපි ඇප්ලයි කරලා බලමුද?"

මූයෝන් කොල්ලට පෙන්නුවෙ පත්තරේ මැදින්ම රතු පාට බෝලෙකින් වට කරපු ජොබ් වේකන්සි එකක්.  ඒත් ජන්කුක් උත්තර දෙන්නත් කලින්ම මූයෝන් ආපහු පත්තරෙ ඇදලා ගත්තා. ජන්කුක්ට පෙන්නද්දි කෙල්ල දැක්කෙ ඒකෙ වැඩ කරන්න තියෙන්නෙ කොරියාවෙ අනිත් කොනේ බව.

"අනී අනි.( නැ නැ) ඒක හරි නැ"

"හ්ම්ම්"

ජන්කුක්ගෙන් පොඩි ප්‍රතිචාරයක් ලැබෙද්දි මූයෝන් ආයෙමත් එයාගෙ පත්තරේට අවධානෙ දුන්නා. මූයෝන්‍ටනම් අමාරුවක් උනේ නෑ. ලොකු දෙයක් නැතත් දරුවො දෙන්නෙකුට හරි පොඩියට ටියුශන් පටන් ගන්න කෙල්ලට පුලුවන් උනා. ලොකු ගානක් ලැබෙන්නෑ තමයි. ඒත් නිකම්ම ඉන්නවට වඩා මූයෝන්ගෙ හැකියාවෙන් වැඩක් ගන්න පුලුවන් එකට කෙල්ල කැමතියි.

Second Chance || JJK (Completed) Where stories live. Discover now