Chapter 14: beautiful

13 4 0
                                    

At College......

Author's pov

රේචල් හනීත් එක්ක Cafeteria  එකට එනකොට සන්ජෙ ඇවිත් හිටියා......ඈතින් එන ඕනම කෙනෙක් ට පේන්නෙ නිකන් වූකී සන්ජෙට ලොකු ඇඩ්වයිස් එකක් දෙනවා වගේ....ඒත් මුළු කොලේජ් එකම දන්නවා සන්ජේ කියන්නේ කාගෙවත් ඇඩ්වයිස් පිළිගන්න කෙනෙක් නෙවෙයි කියලා...ඒත් සන්ජෙ නම් වූකීට සාවධානව ඇහුම්කන් දුන්නා වගේ...හනී රේචල් වත් ඇදගෙන එයාලා හිටපු ටේබල් එක ළඟට ගියා...ඒත් එක්කම වූකිගෙ කට වැහුනා වගේ එයා කතාව නැවැත්තුවා

"මොනවද දෙන්නා ඔච්චර කතා කරන්නේ " හනී වූකිගෙ උඩ ඉදලා පහළටම බලන ගමන් කිව්වා..

"ආ නෑ මේ...ම-මම සන්ජෙට මැත්ස් පාඩමක් කියලා දුන්නා" වූකි කියපු දේට රේචල්ට බකස් ගාලා හිනා ගියා.....ඒත් එක්කම සන්ජේ රේචල් දිහා බලපු නිසා රේචල් අහක බලා ගත්තා..

"මොන පාඩමද දන්නෑනේ සන්ජෙට අමාරු.....මං දන්න තරමින් Mr.Ji Chang Wook ට හරියට එකතු කිරීමවත් බෑ" හනී වූකීගෙ සම්පූර්ණ නමම කියනවා කියන්නේ අනිවා එයාට තරහ ගිහින් කියලා හැමෝම දැනගෙන හිටියා...සන්ජේ අහක බලන් ලාවට හිනා වෙනවා රේචල් දැක්කා.....ඒ නිසා කෙල්ලට පොඩි සතුටක් නොදැනුනාමත් නෙවෙයි...ඒත් එක්කම සන්ජෙට Call එකක් ආවා....එයා phone  එක දිහා බලන් ටිකක් කල්පනා කරලා call එක ආන්සර් කරා..
.
.
.
.
.

📲(Unknown Number)

"යොබුසේයෝ"

"..................."

"තමුසෙ" සන්ජේ කියුවා...ඒත් එක්කම හනී රේචල් විතරක් නෙවෙයි වූකීත් සන්ජෙ දිහා බැලුවෙ අමුතු ලුක් එහෙකින්..

".............."

"කොහෙන්ද මගේ නම්බර් එක"

"..............."

"ඇයි මං එන්න ඕනෙ?"

"............."

"තමුසෙගෙ සෙල්ලම නවත්තගනිං" එහෙම කියලා සන්ජේ කෝල් එක කට් කරේ පුදුම තරහකින්....
.
.
.
.
.
.
.
.

"සන්ජෙ " කෝල් එක කට් කරනවත් එක්කම වූකි ප්‍රශ්න පත්තරය දිග ඇරියා.....සන්ජේ වූකි දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔළුව උඩටයි පහළටයි වැනුවා....ඒත් එක්කම වූකි සන්ජේ කියපු දේ තේරුම් ගත්තා වගේ ඇස් දෙක නළලේ තියන් කතා කරන්න ගත්තා....

THE POWER OF NOWWhere stories live. Discover now