Chapter 15: A day

9 2 0
                                    

Rachel's pov

ගිහින් ගිහින් අපි අන්තිමට නතර වුනේ Room No:78 VVIP කියලා ගහපු දොරක් ඉස්සරහ...මට නම් දැන් මෙතන ඉන්න බයයිත් වගේ..මං බයෙන් ඉන්නෙ කියලා තේරිලාද කොහෙද සන්ජේ මගෙ අතින් අල්ල ගත්තා...ඊට පස්සේ මගෙ මූනට එබිලා මොනවද කියලා මාවත් ඇදගෙන ඇතුලට යන්න ගියා...

ඒක ඇතුළෙ නිකන් පාර්ටි එකක් වගේ....කෙල්ලො කොල්ලො සද්දෙට dj දාගෙන ඩාන්ස් කරනවා..තව කට්ටියක් ඩ්‍රින්ක්ස් ගන්නවා.....හුහ් කලින් කිව්වා නම් පාර්ටි එකකට එන්නෙ කියලා මං ඩාන්ස් එහෙකුත් පුරුදු වෙනවා😑😒

ඒත් එක්කම කවුද මංදා කෙල්ලෙක් අපි ඉන්න දිහාවට ආවා...එයා ටිකක් නෙවෙයි ගොඩක් කොට ඇඳුමක් ඇඳලා හිටියේ...සන්ජේ නම් එයා දිහා බලන් හිටියේ නිකන් පුච්චලා දාන සයිස් එකෙන් වගේ....මේ දෙන්නා අඳුරනවද?? මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි ඒක..ඒත් එක්කම ඒ ගර්ල් අපි ළඟට ආවා...

"සන්ජෙ🥺" මයිගෝඩ්, මගෙ ඇසුත් නළලට ගියා....ඒ කෙල්ල එකපාරටම සන්ජෙව හග් කලා...මට ඒකට මාර විදිහට දුක හිතුනා..

"සන්ජෙ එහෙනම් අන්තිමට ඔයා ආවා......ඔයා දන්නවද මට අද හරි සතුටුයි " ඒ ගර්ල් එහෙම කිව්වා

"හැබැයි මට නම් එහෙම නෑ මිස් කිම්" ඔන්න කිව්වා ඉතින් දෙකයි පනහෙ කතාවක්...මේ මනුස්සයා ගෑනුන්ට ගරු කරන්න දන්නෙම නැති හැටි😑😑

"ඔයා තාම මාත් එක්ක තරහින්ද🥺😣😣....ප්ලීස් එක පාරක් මං කියන-"

"රේචල්....මං රෙස්ට් රූම් එකට ගිහින් එන්නම්" අර ගර්ල් කියන එක අහන්නෙවත් නැතුව සන්ජේ යන්න ගියා....ඇත්තටම සන්ජේ මේ ගර්ල් එක්ක තරහ වෙලා ද?? තරහ වෙන්න මේ දෙන්නා යාළු වෙලාවත් හිටියද😳😳.මා මේ දකින්නේ ස්වප්නයක්ද...එතකොට මෙයත් එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ද??? මොකක්ද දන්නෑ සිද්ධ වුනේ...මෙයාගෙ නම මොකක්ද දන්නෑ..සන්ජේ කිව්වෙ කිම් කියලා නේද?? ඇයි දන්නෑ සන්ජේ මෙයාගෙ නම කියලා කතා කරේ නැත්තේ...මගෙ මනෝ පාර බිඳුනේ අර ගර්ල් මට කතා කරපු නිසයි..ඇයි එයා මට කතා කරන්නේ 😳😳

"ඔයා කවුද "මගෙ උඩ ඉදලා කකුල් දෙක ලගටම වෙනකන් බැල්මක් දාන ගමන් ඒ ගර්ල් ඇහුවා..

THE POWER OF NOWWhere stories live. Discover now