Chapter 5

246 25 0
                                    

කෙල්ලගේ හිනී ඉඟ වටේ බැඳුණු ආරක්ෂාකාරී අත් දෙකක් , කොල්ලගේ උරහිස් වල පැටළුණ සිනිඳු අත් , ඒ හැඟීම් වලින් පිරුණු ඇස් අතර කිමිදුණ ඒ දෙන්නටම දැනුණේ , මෙතන ඉන්නේ එයාලා විතරයි වගේ. ඒක හරියට වලාකුළු අතරේ පාවෙනවා වගේ හැඟීමක් . සිංදුවේ තාලේට පැද්දෙන ගමන් ඇස් වලින් කතා කරද්දී , ඒක වෙනස්ම දෙයක්. ඒ දවස එහෙම්ම ගෙවුණේ නොදැනුවත්වම ඒ දෙන්නව තවත් ළං කරන ගමන්මයි .
..................................................................

අප්පාට , තමන්ගේ ඔප්පාට ඒ වගේම හැමදේකදීම ළඟින්ම හිටපු පිස්සූ යාළුවට පස්සේ විශ්වාස කරන්න කරන්න පුළුවන් කියලා හිතෙන , තමන් ගේ හිත හොල්ලපු කොල්ලෙක් ගැන් එක දිගටම මතක් වෙන හේතුව මොකක් වෙන්න පුළුවන් ද ? කැමැත්ත ද ? ආකර්ශනය ද ? විශ්වාසය ද ? එහෙමත් නැත්තම් ඔය හැඟීමක්ම එකතු වුණ හැඟීම වුණ ආදරය ද ?

ඉන්සූට මේ වෙලාවේ ජිමින් නිසා මොහොතකට එයාගේ ඔප්පා ගැන අමතක වුණා. කාලේකට පස්සේ හදවතින්ම හිනා වෙලා ඉන්නවා එයා.

ඔව් එතනින් පස්සේ දවස් ගෙවිලා ගියේ , ජිමින් මාෆියා වැඩ වගේම එයාගේ ආදරේ කරන වැඩත් , කම්පැණි එකේ වැඩත් ඔක්කෝම ගාණට කර ගෙන ගියේ ඉන්සූ සහ එයගේ බැඳීම් තවත් ළං කර ගන්න ගමන් සාමකාමී දවස් විදිහටයි. එයාලා හැමදාම හම්බුණා . කතා කළා. එකට ඩේට් කළා. සිප ගැනීම් කළා තව නෑ නෑ තාම එච්චර දුර යන්න බැරි වුණා රෑකට එකට ඉඳලා නැති නිසා. ඒත් ඉක්මනටම ඒකත් වෙයි. මොකද දැන් ජිමින්ට අනුව ඉන්සූ කියන්නේ එයාගේ හදවත ගැහෙන හේතුව . එයාව ඈත් කරලා තියන්න කොල්ලා කැමති වෙයිද ? ආදරේ කරන කෙනාව අයිති කරගන්න ඒ දෙන්නම කැමති . ඉතින් කෙල්ල නොකියපු හැඟීම් කොල්ලාගේ ඉවසීම ඒ දෙන්නා දිගටම තියා ගනීද ?

ඒත් එයාලගේ රහස් තාමත් එහෙම්ම තිබ්බා . ඒ දේ ඇරෙන්න එයාලා හුඟාක් ළං වුණා . කොටින්ම දැන් ඉන්සූ හුඟක්ම ෆිට් වුණේ එයාගේ ටේ & යූගී එක්කයි. ඔව් දැන් ජිමින්ගේ හ්‍යුන්ග්ලා ටික කෙල්ලගේ හොඳම යාළුවෝ ටිකක් වෙලා. ඉන්සූ ඒ එක්කෙනෙක්ටවත් මුල් කාලේ ඇරෙන්න ඔප්පා කිව්වේ නම් නෑ. ජින් කෙල්ලට අනුව එයාගේ ජීනූ , නම්ජූන් නම් ජූනී , යුන්ගී හෙවත් අපේ සුගා කෙල්ලගේ යූගී වුණා . වෙලාවකට යූ කියලත් කියනවා . ටේ නම් ඒ නමමයි . ජන්ග්කුක්ගේ නම කුකී වුණා .

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now