Chapter 11

238 26 4
                                    

කොහොම හරි හොබී දවසක් මාස්ක් එකක් දාගෙන යුන්ගී ව හම්බවෙන්න ගියේ ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන කතා කරගන්න වගේම හැමදේම විසඳගන්නයි.
.......................................................................

හොබී : Hi SG...

සුගා : ඔයා මෙහේ ?

හොබී : මේක ක්ලබ් එකක් සුගා. ඉතින් මට එන එක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් කියලා දන්නවා නේ.

සුගා : අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා මෙහෙට ආවේ ? සාමාන්‍යයෙන් ඔයා මූණ පෙන්නන්නේ නෑනේ Hs. ඉතින් මාස්ක් එකට යට වුණ මූණ මං දැන ගත්තොත් ප්‍රශ්නයක් නෑ ද ?

හොබී : සුගා සුගා ඔය NIS මොළේ පාවිච්චි කරන්න . මං කවුද කියලා guess කරන්න බැරි ද පොඩ්ඩක් .

සුගා : ඔයා මාව අවතක්සේරු කරනවා DD.

හොබී : නරකම නෑ. ඉතින් ජේම් මං ගැන කිව්වා නම් මේ මාස්ක් ඕනී නෑනේ තවදුරටත් .

සුගා : එහෙනම් ජන්ග් හේසෝක් අපි මේ මූණට මූණ හම්බවෙන පළවෙනිම වතාව.

හොබී : ඔව්. වැදගත්ම දේ මිනිස්ටර් මින්ග් ව ලොකප් එකට දැම්ම එකට තෑන්ක්ස් .

සුගා : ඕක ඔයා මං නොහිටියා වුණත් කර ගන්නවා නේ.

හොබී : බුද්ධිමත් . ඒත් ඔයා මගේ සූ ට මං නැති කාලේ හොඳ අයියෙක් වුණා .

සුගා : ඕනීම වේලාවේ දී එයාව විශ්වාස නොකර අතැරපු කෙනෙක්....

හොබී : ඔයා හිතනවාද ඉන්සූ ඕවා හිතේ තියන් ඉන්න කෙනෙක් කියලා.

සුගා : ඉස්සර නම් නැතුව ඇති . ඒත් දැන්.

හොබී : එයාගේ වෙනස් වුණේ ක්ලබ් ගිහින් පොඩ්ඩක් බොන එක විතරයි . අනික් කිසිම පුරුද්දක් වෙනස් වුණේ නම් නෑ.

සුගා : එහෙනම් ඇයි සූ අපි එක්ක දැන් කතාවක් කරන්නවත් අකැමැති 

හොබී : දැන් එයා බය එයා ගාව සාක්ෂි තියෙන නිසා ඔයාලාට කරදරයක් වෙයි කියලා.

සුගා : පැහැදිලි නෑ.

හොබී : ඔයා හිතුවාද එයා මීසූ ගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි කියලවත් මේ දවස් වල. සාමාන්‍යයෙන් ඉන්සූ කියන්නේ පොඩි දරුවෙක්ව එහෙම යාළුවාටම බලා ගන්න දෙන කෙනෙක්ද ඒ නැතත් තමන්ගේම දරුවාම. ඒක තේරේන්නේ නැද්ද ?

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now