😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03🩸

453 104 58
                                    

තැඹිලි පැහැ මලානික හිරු රැස් රූස්ස ගස් අතරින් ගලාගෙන ආවේ සන්ධ්‍යා කාලය  උදා වී ඇති බව පසක් කරමින් උදෑසන කාලයේ කැලය පැමිනි කෙල්ලෝ තුන් දෙනා තවමත් කැලයට වී සිටියි.

" අයිෂ්....සිග්නල් නැ..."

චේයොන්ග් ෆෝන් එක දිහා බලාගෙන කිව්වා මිනායා ගලක් උඩ වාඩිවෙලා නිදි කිරා වැටෙනවා යුවි ගහකට හේත්තු වෙලා සසර කලකිරෙනවා වගේ බලාගෙන ඉන්නවා

" අර උඩ අත්තේ ඉන්න කුරුල්ලාගෙන් අහපන් සිග්නල් තියෙද කියලා සිග්නල් නැත්නම් ක්ලෝගාඩ් එකක් හරි දෙයි නේ "

යුවි කිව්වේ ෆෝන් එක උස්සගෙන බබර චක්කරේ වගේ කැරකෙන චේයොන්ග්ට කෙල්ල යුවි දිහා බලලා රැව්වා චේයොන්ග් කුරුල්ලා දිහා බලනකොට ඌ එතැනින් පියාඹලා යන්න ගියා

" ඒ කුරුල්ලාත් දන්නවා චේ කියන්නේ කවුද කියලා "

යුවි හිනා වෙවි කිව්වා

" මට උබට වැහි නැති අකුනක් ගහන්න බැරි හැටියක්.."

චේයොන්ග් කිව්වා

" වවුලෙක් හොයාගෙන යමන්කෝ බන් මට නිදිමතයි "

මිනායාගේ කිව්වේ සිලීපි වොයිස් එකකින්

" යකෝ මේ වෙලාවට කොහෙද වවුල්ලු.. පොඩ්ඩක් හිටාම් රෑ වෙනකම් අනික උබට කවද්ද ඔය මත නැති වුනේ.."

චේයොන්ග් කිව්වේ මිනායා දිහාට හැරෙන ගමන්

" එහෙනම් අහවල් සෙද්දක් කරන්න ද උදේ ආවේ.."

යුවි ඇහුවා

" සෙද්දක් කරන්න නෙවෙයි දැන් රෑ වීගෙන එන්නේ යමු.."

" ගෙදර ද.."

චේයොන්ග් එහෙම කිව්වාම මිනායාගේ මූනේ මල් යායක් පිපුනේ ගෙදර යන්න හදනවා කියලා හිතාගෙන ඒක නිසා කෙල්ල එහෙම ඇහුවේ

" ගෙදර නෙවෙයි යකෝ කැලේ ඇතුලට.."

චේයොන්ග් කැමරාවත් අරගෙන දාගන්න ගමන් කිව්වා

" වෙන උන් රෑ වෙනකොට කැලෙන් එලියට යන්නේ ඒකට අපි කැලේ ඇතුලට යන්නේ "

" අපි හරි වෙනස් යුවියා.."

මිනායා එහෙම කියන යුවිගේ කරට අත දාගත්තා චේයොන්ග් ගැම්මෙන් ඉස්සර වෙලා යද්දී මිනායා යුවි පිටිපස්සෙන් ආවා කෙමෙන් කෙමෙන් හිරු බැසගෙන ගොස් රාත්‍රිය උදා වුනා ඈත අහසේ පායා තිබුණු සද හේතුවෙන් රාත්‍රි කාලයේ වනාන්තරයට අමුතු සුන්දරත්වයක් එක් කලා කෙල්ලෝ තුන් දෙනා  ටෝච් වල ආලෝකයෙන් ඇවිද්දා චේයොන්ග් වවුල්ලුන්ගේ ෆොටෝ දෙක තුනක් ගත්තා මිනායා යුවි දෙන්නා එක එක විකාර කරමින් සෙල්ෆි ගහනවා චේයොන්ග් අනිත් කෙල්ලෝ දෙන්නා දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවේ මුන් කවදාවත් හදන්න බැ කියලා හිතන ගමන්

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now