😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 16🩸

502 105 24
                                    

කෙල්ලෝ තුන් දෙනා ගියාම මුලු මාලිගාවම පිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයකින් වෙනදා ඇහුනු හිනා හඩවල් තවත් ඇහුනේ නැ මාලිගාව පුරා පොඩි ලමයි වගේ දුවපු කෙල්ලෝ තුන් දෙනා නැති වුනාම ගොඩක් අයට පාලු හිතුනා විශේෂයෙන් කොල්ලෝ තුන් දෙනාට තමයි ඒ අඩුව ගොඩක්ම දැනුනේ

මේ වෙලාවේ රජතුමා ජන්කූක් ජිමින් වගේම මිනායාගේ හැල්මොනි හිටියේ study room එකට වෙලා ලොකු සාකච්ඡාවක

" රැජිනගේ ජීවිතේ තවත් අනතුරේ වැටිලා තියෙන්නේ උතුමානනි "

මිනායාගේ හැල්මොනි කිව්වේ අදුරු මායාවන් රැජින ගැන හොයන්න පටන් ගෙන කියලා දින කිහිපයක සිට දැනුනු හින්දා

" චේ මේ ගැන මුකුත් දන්නේ නැද්ද "

ජන්කූක් එහෙම ඇහුවා

" රැජින තමන් කවුද කියලා දැනගත්තේ මේ ලගකදී ඒ නිසා එතුමිය කිසිදෙයක් දන්නේ නැ "

" අපි පුලුවන් ඉක්මනට චේ ඉන්න තැනකට යන්න ඕන "

මෙතෙක් වෙලා නිහඩව හිටපු රජතුමා එහෙම කිව්වේ අනිත් අය දිහා බලන ගමන්

" ඔබතුමා රැජිනව මාක් කල යුතුයි උතුමානනි....නැත්නම් ඔවුන් පහසුවෙන්ම රැජින විනාශ කර දමයි.."

මිනායාගේ හැල්මොනී එහෙම කිව්වාම ටේහ්‍යුන් ඔලුව වැනුවා ඒත් කොල්ලා දන්නවා ඒක ලේසි වැඩක් වෙන්නේ නැති බව

ඉතින් කොල්ලෝ තුන් දෙනා සෝල් වලට ඇවිත් කෙල්ලෝ ගැන හෙව්වා ඒ අනුව තමයි කෙල්ලෝ ඉන්න යුනි එකට ආවේ තාමත් දකින්නේ හීනයක් දෝ කියන සැකය එක්ක කෙල්ලෝ තුන්දෙනා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා

" බේබිබොයි..."

" ජිමික්සන් "

",වවුල් රජා..."

කෙල්ලෝ තුන් දෙනා පිලිවෙලට මිමිනුවා කොල්ලෝ තුන් දෙනා එයාලව introduce කරලා දුන්නා

" ඔය දරුවෝ ඉඩ තියෙන තැනකින් ගිහින් වාඩිවෙන්න "

Lecturer කිව්වාම කොල්ලෝ තුන් දෙනා ගිහින් කෙල්ලෝ තුන් දෙනාට පිටිපස්සේ තිබුණු හිස් ඩෙස්ක් එකේ වාඩිවුනා

" මෙයාලා මොනාද මෙහේ කරන්නේ.."

චේයොන්ග් අනිත් කෙල්ලෝ දෙන්නාට විතරක් ඇහෙන්න හිමින් ඇහුවා

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now