😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 17🩸

513 109 11
                                    

දවස අවසානයේ චේයොන්ග්ගේ දැඩි විරුද්ධත්වය මත ටේහ්‍යුන් ඉන්න mansion එකට එක්කගෙන ගියා යුවිට මිනායාට දෙන්නා ඒකට අකමැති නොවුනත් චේයොන්ග් නම් කැමැත්තෙන් නෙවෙයි හිටියේ කෙල්ලට කරන්න දෙයක් නැතිකමට ටේහ්‍යුන් එක්ක ආවේ චේයොන්ග්ට ඔක්කොටම වඩා කේන්ති ගියේ කොල්ලා මුකුත් නොවුනු ගානට සාමාන්‍ය විදියට හැසිරෙන හින්දා

කෙල්ලෝ තුන් දෙනාට රූම්ස් ලෑස්ති කරලා එයාලට ඕන දේවල් දෙන්න කියලා මේඩ්ස්ලාට ටේහ්‍යුන් කිව්වා ටේහ්‍යුන් නම් හිටියේ සතුටින් මොකද කොල්ලාට චේයොන්ග්ව කිස් කරන්න හම්බුනා නේ ඒ වෙලාවේ එතැනට කවුරුවත් ආවේ නැත්නම් ටේහ්‍යුන් කෙල්ලව මාක් කරලා තමයි නවතින්නේ

රෑට කාලා බීලා ඉවර වෙලා චේයොන්ග් කොරිඩෝ එක දිගේ එයාගේ රූම් එකට ඇවිදගෙන යන ගමන් හිටියේ ඒත් එකපාරට කෙල්ලගේ අතින් ඇදලා රූම් එකක් ඇතුලට ගත්තා චේයොන්ග් එකපාරට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව හිටියේ මුලු රූම් එක පුරාම අදුර පැතිරිලා තිබුණේ සුදු පැහැති කර්ටන් සුලගට සෙලවෙනකොට සද එලිය කාමරේට ගලාගෙන ආවා සෞම්‍ය සද එලියෙන් කාමරේ තිබුණු අදුර මදක් හෝ දුරට මැකී ගියා

චේයොන්ග් හිමින් අඩිය තියලා ඉස්සරහට යන ගමන් කාමරේ කවුද ඉන්නේ කියලා බැලුවේ කවුරුහරි තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියලා දැනුනු නිසා චේයොන්ග් පිටිපස්ස හැරිලා බැලුවා ඒත් කවුරුවත් පිටිපස්සේ හිටියේ නැ

තත්පර කිහිපයක් ගත වෙනකොට කෙල්ලට දැනුනේ එයාගේ ඉන වටේ එතුනු ශක්තිමත් අත් දෙකක් ඒ වගේම එයාගේ කන ලගින් දැනුනේ සන්සුන් හුස්ම ගැනීමේ රටාවක් චේයොන්ග්ට වැඩි වෙලා නොගිහින් ඒ කවුද කියලා අදුරගන්න පුලුවන් වුනා

" ටේහ්‍යුන්...මාව හොද හිතින් අතහරිනවා "

කොල්ලා චේයොන්ග්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන හුස්මක් ගත්තේ කෙල්ලගේ රෝස සුවදින් මත් වෙන ගමන් තමන්ගේ මේට්ගේ රෝස සුවද හමුවේ ටේහ්‍යුන්ට එයාගේ වැම්පයර් පාලනය කරගන්න අපහසු වුනා

ටේහ්‍යුන්ගේ තොල් කෙල්ලගේ බෙල්ල පුරා ගමන් කරද්දී චේයොන්ග් එයාගේ ඉන වටේ එතිලා තියෙන කොල්ලාගේ අත් තද කරලා අල්ලගත්තා චේයොන්ග් කොච්චර අකමැති වුනත් චේයොන්ග්ගේ වැම්පයර් ටේහ්‍යුන්ගේ පුංචි ස්පර්ශයකට පවා අවනත වෙනවා චේයොන්ග් හිටියේ එයාගේ වැම්පයර් එක්ක ලොකු සටනක කෙල්ලට ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න ඕන වුනත් එයාගේ වැම්පයර්යට ඕන වුනේ ටේහ්‍යුන්ගේ තොල් වල පහස විදින්න

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now