😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 12🩸

504 109 27
                                    

දෙන්නා එක්ක ගස් වල අතු එහෙ මෙහෙ කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ටික දුරක් ඇවිදගෙන යනකොට දැකපු දෙයක් නිසා දෙන්නාම නැවැත්තුවා

" චේ...."

චේයොන්ග් ඉන්න විදිය දැකලා මිනායාට කෑගැහුනා මිනායා ඉක්මනට චේයොන්ග් ලගට දුවගෙන ගියා සුදු පැහැති පුංචි පුංචි මල් පිපුනු තණකොළ පිස්ස මත කිසි හැල හොල්මනක් නැතුව වැතිරිලා ඉන්න චේගේ අතකින් අල්ලගත්තා කෙල්ලගේ අත අයිස් වගේ සීතල වෙලා

" යාහ්හ්....චේ...ඇස් අරින්න.."

මිනායා චේයොන්ග්ගේ කම්බුලට තට්ටු කරලා කතා කලත් චේයොන්ග්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැ

" ජන්කූක්..අනෙහ්...චේ ඇස් අරින්න නැ නේ..."

ජන්කූක් ගැස්සිලා ගියේ කවදාවත් මිනායා කොල්ලාට නම කියලා කතා කරලා නැ හැමතිස්සේම බේබිබොයි කිය කිය පස්සේ ගියා මිසක් මිනායාගේ සද්දේ ඇහිලා ජිමින් යුවි දෙන්නාත් එතැනට ආවා යුවි චේයොන්ග් ලගින් වාඩිවෙලා කෙල්ල චේයොන්ග්ගේ නලලට අත තියලා බැලුවා

" චේ අසාමාන්‍ය විදියට සීතල වෙලා.."

යුවි එහෙම කිව්වා

" අපි චේයොන්ග් මාලිගාවට අරගෙන යමු.."

ජන්කූක් කිව්වාම යුවි ඒක අනුමත කරන්න ඔලුව වැනුවා ජන්කූක් සිහිය නැතුව ඉන්න චේයොන්ග් වඩාගත්තා ඊට පස්සේ හතරදෙනා මාලිගාව teleport වුනා ජන්කූක්ගේ රූම් එකට ගිහින් චේව ඇද උඩින් තිබ්බා

" යාහ්හ් තමුසෙලා තුන් දෙනා හිතන එක නවත්තලා කටින් කියන දෙයක් කියනවා.."

තුන් දෙනා හිතන දේවල් අහගෙන ඉදලා යුවිට පිස්සු වගේ හින්දා ටිකක් හයියෙන් කෑගහලා කිව්වා මිනායා දත් තිස් දෙක නියවලා යුවි දිහා බලද්දී ජිකුක් දෙන්නා නම් කම්ෆියුස් වෙලා බලාගෙන හිටියා

" හේ හේ යුවියාට හිත් කියවන්න පුලුවන් "

මිනායා අමුතු හිනාවක් එක්ක කිව්වා

" චේට මොනාද කරන්නේ කියලා හිතනවා "

මේකිගේ කටේ සද්දේ...ඝාන්ටාර පරාදයි කලින් හිටියේ 10 ට ගනින්න බැ වගේ ඒකට දැන් මම හිතුවේ අහිංසකයි කියලා

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now