😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10🩸

431 111 5
                                    

රූස්ස ගස් වලින් වනාන්තරය මැදින් පුංචි ගෑනු ලමයෙක් වටපිට බලමින් ගමන් කලා ඒ පුංචි ඇස් කාවදෝ හොයනවා වගේ පුංචි පුංචි අඩි තියමින් ගමන් කරපු පුංචි කෙල්ල විශාල ගලක් මතින් වාඩි වුනේ එයාගේ චූටි කකුල් රිදෙන නිසා

ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කෙනෙක් පුංචි කෙල්ලගේ ඇස් අත් දෙකින් වැහුනා පුංචි කෙල්ල එයාගේ ඇස් වහගෙන ඉන්න කෙනාගේ අත් අල්ලලා හිනා වුනා

" ඔන්නි...මට ඔයාව අදුරගන්න පුලුවන් "

පුංචි කෙල්ල එහෙම කියනකොට එයාගේ ඇස් වහගෙන හිටපු කෙනා කෙල්ලගේ ඉස්සරහට ආවා ඒ දෙන්නාම එකම වයසේ දෙන්නාම එක වගේ ඔව් ඒ පුංචි ගෑනු ලමයි දෙන්නා twins ලා

" මගේ පස්සෙන් නේද ආවේ..."

එතකොට පුංචි ගෑනු ලමයා හිනා වෙලා ඔලුව වැනුවා දෙන්නා එක්ක හිනා වෙවි අත් අල්ලාගෙන වනාන්තරය මැදින් ඇවිදගෙන ගියා ඒ දෙන්නාගේ හිනාව වනාන්තරය පුරා පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ඒත් වැඩි වෙලාවක් ඒ හිනාව නොතිබුනේ එයාලා ඉදිරියෙන් මතු වුනු කිහිප දෙනෙක් හින්දා පුංචි කෙල්ලෝ දෙන්නා අත් තද කරලා අල්ලාගෙන පස්සට ගියා

" හනා
දුල්
සෙත්.."

තුනට ගනන් කරපු කෙල්ලෝ දෙන්නා වේගෙන් දුවන්න පටන් ගත්තා ඒත් දෙන්නාටම වැඩි දුර දුවන්න හම්බුනේ නැත්තේ එක ගෑනු ලමයෙක් කකුල ගලක වැදිලා බිම වැටුනු නිසා

" ඔන්නි...දුවන්න....."

" ඔයාව දාලා යන්න බැ කෝ නැගිටින්න "

එහෙම කියලා වැටුනු ගෑනු ලමයා නැගිට්ටුවත් එයාට ඇවිදගන්න පුලුවන් වුනේ නැ

" ඔන්නි...ගිහින් ඔම්මාට කියන්න... යන්න ඔන්නි.."

ඒ ගෑනූ ලමයා එහෙම කියලා අනිත් ගෑනු ලමයා තල්ලු කලා

" ඔන්නි....යන්න.."

අනිත් ගෑනු ලමයාගේ නලලට කිස් එකක් දුන්නු අනිත් ගෑනු ලමයා එතැනින් දුවලා යන්න ගියා

" අරකිව අල්ලගනින්...අපිට කෙල්ලෝ දෙන්නාම ඕන "

" ඔන්නි....ඔන්නි..."

" චේ...චේ....ඇස් අරිනවා චේ.."

චේයොන්ග් ඇස් ඇරලා වේගෙන් හුස්ම ගන්න ගමන් වටපිට බැලුවා කෙල්ලගේ මුලු ඇගම දහඩියෙන් තෙත් වෙලා චේයොන්ග් ඇස් බයෙන් පිරිලා මිනායා කෙල්ලට වතුර වීදුරුවක් දුන්නාම චේයොන්ග් එක හුස්මට බීලා ඉවර කලා

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now