😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04🩸

424 105 46
                                    

යුවි එතැන පිලිමයක තිබුණු මුද්දක් පෙන්නුවේ ඒ මුද්ද ගොඩක් වෙනස් වගේම ලස්සනයි ඒ නිසා චේයොන්ග් මුද්ද අල්ලනවා එතකොට එයාගේ ඇගිල්ල තුවාල වෙලා මුද්ද උඩින් ලේ බිංදුවක් වැටෙනවා ඒ වෙලාවේ හදේ පැහැය වෙනස් වී රතු පැහැයට හැරිලා තිබුණේ ඒත් එක්කම චන්ඩ මාරුතයක් හමාගෙන ගියේ ගස් වල සිලි සිලි සද්දේ වැඩි කරමින්

" අයිෂ්.....චේ මොකද්ද කරගත්තේ..."

මිනායා චේයොන්ග්ගේ අත අල්ලාගෙන කිව්වා

" අපි මෙතනින් ඉක්මනට යමු..."

යුවි කිව්වේ වටපිට බලන ගමන් යුවිට දැනුනේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න යන වග ඒ වගේම ඒ දේ එච්චර හොද දෙයක් නෙවෙයි ඒ නිසා තමයි යුවි එහෙම කිව්වේ

" මටත් මොකද්දෝ අමුත්තක් දැනෙනවා.."

මිනායා කිව්වේ චේයොන්ග්ගේ තුවාල වුනු ඇගිල්ල රෙදි පටියකින් බදින ගමන් තුන් දෙනාව එතැනින් එලියට ඇවිත් මාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තට ඇවිදගෙන ගියා ජනේලෙන් හද එලිය මාලිගාව ඇතුලට වැටිලා තිබුනා ප්‍රධාන දොරටුව ලගට කෙල්ලෝ තුන් දෙනා ආවත් දොරටුව ඇරගන්න පුලුවන් වුනේ නැ

" අපි දැන් යන්නේ කොහොමද teleport වෙන්න බැ.."

" මාලේ ගලවලා දාලා යමු "

" එපා...හැල්මොනී ලොකු හේතුවක් නිසා මේක දුන්නේ.. මෙතනින් යන්න වෙන ක්‍රමයක් හොයාගමු.."

චේයොන්ග් එහෙම කිව්වේ ප්‍රධාන දොරටුවට පිටුපාලා ඉදිරියට ඇවිදගෙන යන ගමන් ඒත් එක්කම වගේ සැඩ සුලගක් හමාගෙන ගියේ මාලිගාවේ බිම තිබුණේ වේලුනු කොල මකුනු දැල් ඔක්කොම අයින් කරමින්

" චේ......මොකද්ද..මේ වෙන්නේ..."

යුවි සුලගෙන් බේරෙන්න හදන ගමන් චේයොන්ග් ඇහුවා

" ම්..මම දන්නේ නැ..."

විනාඩි කිහිපයකින් සැඩ සුලග පහව ගිහින් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වුනා කෙල්ලෝ තුන් දෙනා හිටියේ මාලිගාවේ උද්‍යානයේ

" පිටිපස්සෙන් ගිහින් බලමු..."

මිනායා කියපු දේට එකග වුනු කෙල්ලෝ දෙන්නා මාලිගාවේ පිටිපස්සට ගියා මාලිගාවේ පිටිපස්සෙන් යන්න තිබුණු දොරත් අගුල් වැටිලා දැන් කෙල්ලෝ තුන් දෙනා මාලිගාව ඇතුලේ හිර වෙලා ඉන්නේ කාගේ හරි කකුලකට පෑගිලා කෝටුවක් කැඩෙන සද්දේ ඇහුනු නිසා පිටිපස්ස හැරුනා මාලිගාවේ බිත්තයකට මුවා වෙලා එයාලා දිහා බලාගෙන ඉදලා කවුරුහරි දුවනවා කෙල්ලෝ දැක්කා

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें