😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09🩸

410 105 14
                                    

පැය කිහිපයකින් චේයොන්ග්ට සිහිය ආවාම මිනායා NIS එකෙන් වගේ ප්‍රශ්න අහන්න වගේ අහගෙන ගියා කෙල්ල මුලදී මුකුත් නොකියා හිටියත් මිනායාගෙනුයි යුවිගෙනුයි බේරිල්ලක් නැති නිසා වුනු දේ කිව්වා

" අයිෂ්.....ඌ රජා නෙවෙයි මොකා වුනත් මෙහෙම දෙයක් කරන්න ඌට අයිතියක් නැ අනික තමුසේ හිතුවේ කොහොමද මම එච්චර ලේසියෙන් මැරෙයි කියලා පොඩ්ඩක් මොලයක් නැද්ද මට එතැනින් පැනගන්න ක්‍රම තියෙනවා කියලා.."

මිනායා නලල පිරිමදින ගමන් එහෙට මෙහෙට ඇවිදින ගමන් කිව්වා

" දැන් වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි නේ මිනා..."

චේයොන්ග් කිව්වාම මිනායා රැව්වා

" යුවියා මේකි මගේ අතින් අවසන් ගමන් යන්න හදන්නේ "

" දෙන්නා රන්ඩු වෙන්න හදන්න එපා යකුනේ වුනු දේ වුනා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න අපි වග බලාගන්න ඕන "

" හහ්....ඔය රජාට සුදු ළුනු සුප් එකක් පොවන්න ඕන..."

මිනායා එහෙම කියලා එතැනින් යන්න ගියා

" යාහ්හ් මිනා... ඔහොම නැවතියන් "

යුවිත් මිනායාගේ පස්සෙන් දුවගෙන ගියේ මොනා කරගනියි ද කියලා දන්නේ නැති නිසා චේයොන්ග් ඇදේ headboard එකට හේත්තු වෙලා ජනේලෙන් පේන නිල් පැහැති අහස දිහා බලාගෙන හිටියා කෙල්ල ඊයේ වුනු දේවල් ගැන පසුතැවිමක් තිබුණේ නැ මොකද එයා හැමදේම කලේ එයාගේ යාලුවා වුනු මිනායාගේ ජීවිතේ බේරගන්න

" තමුන්ට රජතුමා එන්න කිව්වා "

එකපාරට කෙල්ල හිටපු රූම් එකට කඩාගෙන බිදගෙන ආපු සර්වන්ට් ගර්ල් කෙනෙක් එහෙම කිව්වාම වෙන කල්පනාවක හිටපු චේයොන්ග් ගැස්සිලා ගියා ඒ ගර්ල් එහෙම කියලා යද්දී චේයොන්ග් ඇදෙන් පහලට කකුල් දෙක දාලා හුස්ම ගත්තා කෙල්ල ඇදෙන් නැගිටින්න ගියත් කකුල් දෙක පන නැතුව ආපහු ඇදේ ඉන්දුනා

යටි බඩෙන් දැනෙන වේදනාව නිසා කෙල්ල ටික වෙලාවක් එහෙම ඉදලා ආපහු නැගිට්ටා චේයොන්ග් බිත්තිය අල්ලාගෙන හිමින් අඩිය තියමින් වේදනාව දරාගෙන ගියා රජතුමා මේ වෙලාවේ හිටියේ රාජකීය ස්නාන තටාකයට වෙලා චේයොන්ග් ස්නාන කුටිය ඉදිරියට වෙලා හුස්මක් පහත හෙලුවා ඒ විශාල දොරටුව සේවිකාවෝ දෙන්නෙක් විසින් ඇරියාම චේයොන්ග් ගවුමේ කොනක් අතේ ගුලි කරගෙන ඇතුලට ඇවිදගෙන ගියා

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now