- 02 -

426 40 2
                                    

" ඉතින් මිස්ටර් රත්නායක කොහොමද මං කියපු වැඩේ..? "

" මම ඒ ගැන ඔක්කොම හොයා ගත්තා.. අපිට දැන් මේ මිනීමැරුම කලේ මිස්ටර් රණසිංහ කියන්න පැහැදිලි සාක්ෂි තියනවා.. මිස් ආදිත්‍යාට ඕනනම් අපිට දැන් කේස් එකක් ෆයිල් කරන්න පුලුවන්.. "

" නැ මිස්ටර් රත්නායක.. දැන්ම ඒකට වෙලාව නෙමෙයි.. මුලින්ම මම මගෙ කෙල්ලව හොයන් ඉන්න ඕනෙ.. "

" හරි මිස් ආදිත්‍යා ඔයාට ඕනෙ වුනාම කියන්න.. අපි එතකොට කේස් එකක් ෆයිල් කරමු.. ඒත් මිස් ආදිත්‍යා.. ඔයාට මේ කරන දේ ගැන විශ්වාසද..? "

" හ්ම්.. ඔව් මිස්ටර් රත්නායක.. මම මේ හැමදේම කරන්නෙ මගෙ කෙල්ල වෙනුවෙන්.. "

තව ටික වෙලාවක් කතා කර කර හිටපු අපි අපේ කතාව අවසන් කරා.

" හරි එහෙනම් මම යන්නම් මිස් ආදිත්‍යා.. මොකක් හරි උදව්වක් ඕනෙ වුනොත් මට කතා කරන්න.. "

" හරි මිස්ටර් රත්නායක.. ගොඩක් ස්තූතියි මේ කරපු දේට.. "

" ඒක මගෙ රස්සාව මිස් ආදිත්‍යා.. මම යන්නම්.. "

" අහ්.. හරි.. "

මිස්ටර් රත්නායක ගියාට පස්සෙ එයා ගෙනත් දුන්නු මම හොයන මිනීමැරුම සම්බන්ද තොරතුරු ඇතුලත් ෆයිල් එකත් අරන් ගෙදර ආවා.

අටට දහයක් විතර තියලා මම ගෙදර එද්දි මාමා මං එනකම් සාලෙට වෙලා බලන් හිටියා.එහෙම්ම මම ගිහින් සැටියෙක් ඉඳගද්දි මාමා එයාගෙ සුපුරු විදිහට ප්‍රශ්ණ වැලක් අහන්න ගත්තා.

" ආදිත්‍යා.. ඔයා ආවද.. කොහෙටද ගියෙ..? "

" මිස්ටර් රත්නායක හම්බෙන්න.. "

මිස්ටර් රත්නායක කිව්ව ගමන්ම මාමගෙ මූණ අඳුරු වුනා.

" මොකක්.. ආදිත්‍යා.. මට කියන්න එපා ඔයා තාම ඒ ඇක්සිඩ්න්ට් එක ගැන හොයනවා කියලා.. "

" ආයෙ හොයන් නැහැ.. දැන් ඔක්කොම ඉවරයි.. "

මම එහෙම කියන ගමන්ම මගේ අතේ තිබ්බ ෆයිල් එක මාමාට දුන්නා.ෆයිල් එක අතට ගත්ත මාමා ඒවා එකින් එක බලලා ආයෙ මගෙ පැත්තට හැරුනා.

Fate [ GL Nonfiction ]Kde žijí příběhy. Začni objevovat