- 08 -

237 30 6
                                    

" ඉතින් රෂිව් මොනාද ඔයාට කියන්න තියනවා කිව්වෙ..? "

මටත් එක්ක ඕඩර් කරපු කොෆී එක තොල ගාන ගමන් මම කතාවට මුල පිරුවා.

" මේකයි ආදිත්‍යා මම කෙලින්ම ඒක කියන්නම් මොකද මට ඔයාට බලාපොරොත්තු දෙන්න බැ.. "

" මොකක්ද ඔයා කියන්න හදන්නෙ..? "

" මට ගර්ල් කෙනෙක් ඉන්නවා.. මට එයාව අතාරින්න බැ.. ඉතින් ඔයා මං ගැන බලාපොරොත්තු තියාගත්තානම් මට සමාවෙන්න ආදිත්‍යා.. "

" හහ්.. හහ්.. මොනාද රෂිව් ඔයා මේ කියවන්නෙ.. මම මොන එහෙකටද ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්නෙ.. මමත් ඔයා වගේම මේකට අකමැතියි.. අනික මටත් කෙනෙක් ඉන්නවා.. "

" මොකක්..? "

" ඔව්.. මටත් කෙනෙක් ඉන්නවා.. ඒත් ඒකට මගෙ ගෙදරින් කැමති නැහැ.. ඒ නිසා මාව ඔයාට බන්දන්න හදන්නෙ.. අපිට එදා මේ දේවල් කතා කරන්න බැරි වුනානෙ.. "

" ඔව්.. ඒ කියන්නෙ ඔයා මේකට කැමති නෑ නේද..? "

" නැහැ.. මම කොහෙත්ම කැමති නැහැ.. "

" අම්මෝ ලොකු දෙයක් ආදිත්‍යා.. මම බයේ හිටියෙ.. අර කෙල්ලට මම නැති වුනොත් මොනා වෙයිද කියලා.. "

" බොරුවටනෙ බයවෙලා තියෙන්නෙ.. "

" උබ එදාම ඕක කියන්න එපැයි.. "

" ආහ්.. උබ මට එදා මෙහෙම කතාවක් කිව්වද..? අනික එදා උබලගෙ ගෙදරිනුත් උබව බදින්න කිව්වනම් මම මරාගෙන මැරෙනවා කියලා හිතන් ආවෙ.. "

" උබව බදින්න නොලැබෙන එකනම් මගෙ පෙර පිනක්ද කොහෙද.. උබ යාළුවෙලා ඉන්න කොල්ලා ගැන මට දුකයි.. මොන දුකක් විදිනවද දන් නැ.. "

" ඇත්තටම රෂිව් කොල්ලා නෙමෙය.. කෙල්ල.. මම යාළුවෙලා ඉන්නෙ කෙල්ලෙක් එක්ක.. "

" අ.. ආහ්.. ඒකට කමක් නැහැ ඉතින්.. ඒකත් ලස්සන බැදීමක්නෙ.. ආදරෙ කරන්න කෙල්ලයි කොල්ලයිම වෙන්න ඕනෙ නැහැ.. "

" ඒක අපේ ගෙදර අයට තේරෙන්නෙ නැහැ රෂිව්.. "

කෝපි එක බොන ගමන් අපි ගොඩක් වෙලා කතා කරා.තාත්තා මට කරපු දේවල් , මිනුට කරපු දේවල් , එයාගෙ දෙමව්පියන්ට කරපු දේවල් ඒ ඔක්කොම මම රෂිව් එක්ක කිව්වා.

Fate [ GL Nonfiction ]Tahanan ng mga kuwento. Tumuklas ngayon