- The final decision of fate -

429 34 25
                                    

ඇවිත් හිටියෙ අම්මයි තාත්තයි.ඉතින් ගේට් එක අරින්නෙ නැතුව ඉන්නත් හදලා මම ගේට් එක ඇරියා.ඒත් එක්කම කාර් එක ගාර්ඩ්න් එකට දාපු තාත්තා මගේ දිහාවත් නොබලා ගෙට යද්දි අම්මා මගේ දිහා බලාගෙනම තාත්තා පස්සෙන් ගියා.මිනු ඇතුලෙ තනියම නිසා මමත් ඒ එක්කම වගේ ගේ ඇතුලට දිව්වා.

තාත්තා ඇතුලට යද්දිම මිනු සැටියෙන් නඟිට්ටා.එයාගෙ ඇස්වල තිබ්බ බය මම ඒ වෙලාවෙ හොඳටම දැක්කා.හිටගත්ත ගමන් එයාගෙ අත් ගියෙ අපේ පැටියා ඉන්න එයාගෙ කුසට.තාත්තාගෙ ඇස් තිබ්බෙත් එයාගෙ කුස ලඟ වගේම කේන්තියට වගේ ඒ ඇස් රතු වෙලා තිබ්බා.

මිනු හිටියෙ බයෙන් නිසා මම විනාඩියට එයා ගාවට ගිහින් එයාව මගේ වතට බර කර ගත්තා.එයාගෙ ඔළුව මගේ පපුවට හේත්තු කරගත්ත මම එයා කුසේ තියන් හිටපු අත උඩින් මගේ අතත් තියා ගත්තා.අපි දෙන්න දිහාම පිච්චිලා යන්න බලන් හිටපු තාත්තා එහෙම්ම ගිහින් සැටියෙන් ඉඳ ගත්තා.

" ඔයාලා මොකටද මෙහෙ ආවේ..? "

" ආවෙ තමුන්ව අරන් යන්න.. "

" මොකක්ද..? "

" ඇයි කන් ඇහෙන් නැද්ද ඔහොම්මම ඇදන් යන්න කලින් ගිහින් ලෑස්ති වෙලා එනවා.. "

" අනේ තාන්වි.. "

තාත්තා කියනවා එක්කම මගෙ පපුවෙ මූණ හංගන් හිටපු මිනු මගෙන් ටිකක් ඈත් වෙලා මගේ මූණ දිහා බැලුවා.ආයෙ කතා නොකලා වුනත් ' අනේ යන්නනම් එපා තාන්වි.. ' කියන එක ඒ ඇස්වල ලියවෙලා තිබ්බා.

" බයවෙන්න එපා මැණික.. මම කොහෙවත් යන්නෙ නැහැ.. "

මම එයාගෙ ඔළුව අතගාලා ආයෙ එයාව මගෙ පපුවෙ හංග ගත්තා.

" මම කොහෙවත් යන්න එන්නෙ නැහැ මිස්ටර් රණසිංහ.. අනික මෙච්චර දේවල් වෙලා තියෙද්දිවත් ඇයි මට මගෙ පාඩුවෙ ඉන්න නොදෙන්නෙ..? "

" පාඩුවෙ ඉන්න නොදෙන්නෙ.? එදා තමුන් ලොකු ලොකු කතා කියලා ගියා කියලා තමුන් හිතුවද මම මේක අතාරියි කියලා.. තමුන් අපිට ඉන්න එකම ළමයා.. තමුන්ට බැහැ අපිට පිටින් යන්න.. දැන්ම ලෑස්ති වෙනවා මෙහෙන් යන්න.. "

" මම කොහෙවත් යන්නෙ නැහැ මිස්ටර් රණසිංහ.. මම ඉන්නෙ මගේ වයිෆ් එක්ක.. "

Fate [ GL Nonfiction ]Where stories live. Discover now