- 13 -

227 24 3
                                    

මගක් දුරට වේගෙන් ආපු මම අතුරු පාරකට දාලා කාර් එක නැවැත්තුවා.ගෙදරදි කොච්චර සද්දෙ දාලා ආවත් මම හිටියෙ බයෙන් මොකද මම දන්නවා අද වුන දේවල් එක්ක තාත්තා තව මාත් එක්ක තරහා ගන්නවා කියලා.ඒ වගේම එයා ආයෙ ලගදිම මොකක් හරි කරයි කියලත් මගෙ හිත කිව්වා.

මම කවදාවත් මිනු කාර් එකේ ඉද්දි අද තරම් වේගෙන් ඇවිත් නැහැ.ඉතින් එයා හිටියෙ හොඳටම බයවෙලා ශීට් බෙල්ට් එකත් හයියෙන් අල්ලගෙන.

" මිනු.. මැණික.. බයේද ඉන්නෙ..? "

අඩන්න වගේ මූණ හදාගත්ත එයා ඔව් කියන්න ඔළුව වැනුවා.

" බය වෙන්න එපා මැණික.. දැන් ඔක්කොම හරි.. "

ඒත් එක්කම එයා මොකක් හරි කියන්න ගියා වුනත් මම එයාගෙ තොල් අල්ල ගත්තා.විනාඩි ගානක් එයාගෙ තොල් සිපගත්ත මම එහෙම්ම ටික වෙලාවක් එයාව තුරුලු කරන් ඉදලා ආයෙ ගෙදර එන්න ආවා.

ගෙදර ඇවිත් ටික ටික වෙලාව ගත වෙද්දි අපි දෙන්නත් එක්කම ඩිනර් එකත් අරන් කුස්සියත් අස් කරලා අපි ගියෙ අපේ ගෙදර තිබ්බ එක කාමරේකට.මීට කලින් මාමාට වෙන් වෙලා තිබ්බ කමරෙ අද වෙනකොට කලින් මිනු තියන් හිටියා වගෙ අපේ ෆොටෝ තියන කාමරේ වුනා.මිනුට අපේ ගෙදර පුරා ඒ ෆොටෝ තියන්න ඕන වුනත් මගේ කැමැත්තට මට ඕනෙ වුනා මිනු ඒවා තිබ්බ විදිහටම තියන්න.

ඉතින් කාමරේට ආපු අපි කාමරේ මුල්ලක බිමින් ඉදගෙන අපේ අතීතෙ ගැන කතා කරන්න ගත්තා.අපි පාසල් කාලෙ අපේ ආදරෙ වින්ද හැටි , කැම්පස් යන කාලෙ ආදරෙ කරපු හැටි වගේ ම අපේ වෙන් වීමෙන් පස්සෙ දේවලුත් මතක් කරා.මගේ තුරුලෙම ඉදන් ඒවා කියෝ කියෝ ඉද්දි නොදැනිම එයාට නින්ද ගිහින් තිබ්බා.ඉතින් මම එයාව අරන් ඇවිත් ඇදෙන් තියලා මමත් එයා ළඟම නිදාගෙන ආයෙ එයාව මගේ ළඟට ගත්තා.එහෙම්ම ටික වෙලාවකින් මමත් නින්දට වැටුනා.

එදාට පස්සෙ තාත්තගෙන් ආයෙ කරදරයක් නොවී දින ගත වුනා.එහෙම නොදැනිම මාසෙන් මාසෙ ගතවෙද්දි මට වෙනදට වඩා වැඩ ගොඩක් වැඩි වුනා.මොකද ටික ටික කුස මෝරද්දි වෙනදා වගේ මිනුට දුවලා පැනලා දඟලන්න මම ඉඩ දුන්නෙ නැහැ.ඒ වගේම එයාව පිරිසිදු කරන එකේ ඉදන් එයාගෙ හැම වැඩක්ම වුනෙත් මගෙ අතින්.

Fate [ GL Nonfiction ]Where stories live. Discover now