- 12 -

231 25 11
                                    

ගෙදර බඩු අස් කරන වැඩත් එක්ක ඒ දවස ගත්වෙලා යද්දි තවත් අලුත් දවසකට ඉර පායලා තිබ්බා.පුරුද්දට නින්දෙන්ම ඇඳේ එහා පැත්ත අතගාලා බලද්දි මිනු ඇඳේ නොහිටපු නිසා මම ෆෝන් එක අතට අරන් වෙලාව කීයද බැලුවා.ෆෝන් එකේ තිරේ උදේ අට ලෙස වෙලාව සටහන් වෙලා තිබ්බා.

" තාන්වි එන්න කන්න.. "

මම හිටියෙ සාලෙට වෙලා හොස්පිට්ල් එකේ මම කරන්න ඕන වැඩ වගයක් බලන ගමන් ඒ අතරෙ මිනු ලන්ච් එක ලෑස්ති කරලා තිබ්බා.

" මේ එනෝ.. අම්මේ සුවඳ.. "

" පෙරේතකම් කරන්නෙ නැතුව කන්න.. "

" බෙදන්නකො පණ.. "

" මොකද මේ හුරතලෙ.. "

" ම්හුක්.. ඔයා එක්ක නැතුව ඉතින් කාත් එක්ක හුරතල් වෙන්නද..? "

" ඒකත් ඇත්ත.. "

" ඒකනෙ.. "

" හරි හරි දැන් කන්නකො එහෙනම්.. "

" කවන්නෙ නැද්ද..? "

" කවන්නත් ඕනද..? "

" නැතුව.. ඇයි මතක නැද්ද එදා ඔයාමනෙ කිව්වෙ මැරීඩ් කපල් එකක් ඔක්කොම එකටම කරන්න ඕනෙ කියලා.. "

මම කිව්ව දේ එක්ක නලළෙ අත ගහගත්ත එයා මට බෙදපු කෑම අරන් මගේ ළඟින්ම වාඩි වුනා.රටේ නැති කතා කියව කියව අපි කාලා කුස්සියත් අස් කරලා කාමරයට ඇවිත් ගමනක් යන්න ලෑස්ති වුනා.ඒ වෙන කොහෙවත් නෙමෙයි රෂිව්ගෙ ගෙදර.

විනාඩි හතලිස්පහකට විතර පස්සෙ රෂිව්ගෙ ගෙදර ගාර්ඩ්න් එකේ කාර් එක නවත්තපු මම කාර් එකෙන් බහිනවත් එක්කම ආන්ටි එලියට ආවා.අපි දෙන්නා ආන්ටි එක්කම ගේ ඇතුළට ගියා.අපි ආන්ටි අංකල් එක්ක කතා කර කර ඉන්න අතරෙ රෂිව්ත් ඇවිත් අපිත් එක්ක එකතු වුනත් ටිකකින් රෂිව් මට එලියට යන්න කතා කරපු නිසා මම එයා එක්ක ගාර්ඩ්න් එකට ගියා.

" උබේ අම්මා උබට කතා කරාද..? "

" නැහැ බන්.. ඇයි..? "

" නෑ බන් මේකයි.. උඹලා එදා ගියාට පස්සෙ උබේ තාත්තා උබව හොයන් මෙහෙට ආවා.. "

" මොකක්..? එදා සිද්ධියෙන් පස්සෙ එයා ඔයාලා එක්ක තරහ වුනා නේද..? "

Fate [ GL Nonfiction ]Where stories live. Discover now