- 05 -

283 36 3
                                    

" මොකක්ද.. ? "

ඉදන් හිටපු තැනින් නැගිට්ටුනු මට සද්දෙන් කියවුනේ මගේ තරහා තව වැඩි වෙද්දි.

" ඔයා ඒකට කැමති වෙන්න ඕනෙ.. "

ඒ එක්කම තාත්තා කියද්දි දෙන්නටම පිච්චිලා යන්න රවපු මම ගෙදරින් එළියට යන්න ගියා.ඒත් වැඩි දුර යන්න හම්බුනෙ නැහැ.

" තමුන් ඒකට කැමති නොවුනොත් තමුන්ගෙ අර කෙල්ලව ආයෙ දකින්නවත් ඒකිට මේ ලෝකෙ ඉන්නවත් හම්බෙන එකක් නැ.. "

ගේ දෙක වෙන්න තාත්තා කෑගද්දි මම එතනම නැවතුනේ එයා මිනු ගැන කියපු නිසා.

" මම දන්නවා තමුන්ට ඒකිව හම්බුනා කියලා.ආයෙ ඒකිත් එක්ක ඇයි හොදැයියක් තියන් මට අහුවුනොත් මම ගිය පාර කරා වගෙ දෙයක් ආයෙ කරන්න දෙපාරක් හිතන්නෙ නැහැ ආදිත්‍යා.. මොකක්හරි වාසනාවකට ඒකී එදා බේරුනා.. හැබැයි ආයෙ එහෙම වෙන්නෙ නැ.. "

ගිය පාර කරපු දේ වගේ දෙයක් ආයෙ කරන්න දෙපාරක් හිතන්නෙ නැ කියද්දි ඒ කියන්නෙ මොකක්ද නොදන්න ගානට මම තාත්තා දිහා බැලුවා.

" තමුන් හිතන්නෙ ඒකිගෙ අම්මයි තාත්තයි දෙන්නා මැරුනෙ කොහොම කියලද..? හහ්.. හහ්.. හා.. "

මම කවදාවත් නොදැකපු විදිහට තාත්තා හිනාවෙද්දි මගෙ හිත ගැස්සුනා.ඇත්තටම මිනුට කරදරයක් වෙයි කියලා මම බය වුනා.

" උන්ට එදා උනේ ඇක්සිඩ්න්ට් එකක් කියලද තමුන් හිතන්නෙ.. ම්ම්.. ඒක ඇක්සිඩ්න්ට් එකක් තමයි හැබැයි වැරදිලා උන දෙයක් නෙමෙයි.. ඒත් අරකි එදා උබ එක්ක ගිය නිසා ඒකි බේරුනා.. නැත්තම් අද ඒකිත් නැ.. "

එදා වුනු දේවල් තාත්තා මගේ ඉස්සරහා කියද්දි කේන්තියෙ උපරිමේ හිටපු මට තව එක මොහොතක්වත් මාව පාලනය කරගන්න බැරි වුනා.

" පුලුවන් දෙයක් කරනවා Mr.රණසිංහ.. එදා මම නොදැනුවත්වහරි මගෙ කෙල්ලව මම බේරගත්තා.. ඒ වගේම මම ජීවත් වෙලා ඉන්නකම් එයාව මම බේරගන්නවා.. මගේ ජීවිතේ නැති වුනත් මම එයාව ජීවත් කරනවා.. "

ගේ දෙක වෙන්න කෑගහපු මම එහෙම්ම ගිහින් කාර් එකට නැගලා හීයක වේගෙන් ගෙදර ආවා.ආපු විදියවත් හරි මතකයක් මට තිබුන් නැහැ.මම යනකොට මාමා එලියට වෙලා මම එනකම් බලන් හිටියා.එයාව දකිද්දි මෙච්චර වෙලා හිර කරගෙන හිටපු දුක වේදනාව වගේම තරහවත් එලියට පැන්නා.එහෙම්ම මාමා ගාවට දුවපු මම එයාගෙ පපුවෙ මූණ හංගන් අඩන්න ගත්තා.මාමා මාව උරහිස්වලින් තල්ලු කරන ගමන් මගෙන් මොකද වුනෙ අහන්න ගත්තා.

Fate [ GL Nonfiction ]Kde žijí příběhy. Začni objevovat