- 11 -

258 23 4
                                    

" මේහ්.. ලොකු නෝනා.. නැගිටිනෝකො අප්පා.. මට කම්මැලීනෙ.. "

මම හිටියෙ අඬනින්දෙ වෙනකොට මිනු නැඟිටලා මාවත් නැඟිට්ටවන්න එක එක කතා මට කියන ගමන් ලොකු උත්සාහයක් දරමින් හිටියෙ.

" ම්හුක්.. "

නිදි වගෙ පේන්න එයා කූරු ගගා හිටපු අත ගසපු මම ආයෙම ගුලිවෙලා නිදාගත්තා.ඒත් විනාඩි දෙකක්වත් එහෙම ඉන්න හම්බුනෙ නැහැ.මිනුගෙ පා ප්‍රහාරයකට ලක් වෙච්ච මම බෙඩි ශීට් එක එක්කම ඇඳෙන් බිටම වැටුනා.

" ආහ්.. "

වැටුන පාරට මට කෑගැස්සුනේ මගෙ ඔළුව බිම ඇනුන පාරට.

" මගෙ ඔළුව පලන්නද හදන්නෙ..? "

" සොරි සොරි ඉතින්.. කවුද හිතුවෙ ඔලුව ඇනගනී කියලා.. "

මාව උස්සන ගමන්ම කිව්ව එයා මාව ඇදෙන් ඉන්දලා මගේ ඔළුව අතගාන්න ගත්තා.

" රිදෙනවද..? "

" නැහැ.. දැන් හරි.. "

" මොකද දැන්මම නැඟිට්ටුවෙ.. මම ලස්සන හීනෙකුත් බල බල හිටියෙ.. සැක්.. අපරාදෙ.. "

" මොනාද අපරාදෙ..? "

" හීනෙ.. "

" ආ.. එහෙමද..? එහෙනම් ආයෙ නිදාගන්න එකයි ඇත්තෙ.. "

" ආයෙ නිදාගත්තා කියලා ඉතින් ඒ හීනෙම බලන්න බෑනෙ.. ඒක නෙමෙයි ඔය නෝනා කීයටද නැඟිට්ටෙ..? "

" දැන් ටිකකට කලින්.. "

" ඈ.. යකො.. මම අහගෙන උබ ඉස්සෙල්ලා මට පලු යන්න බනිනවා උදෙන්ම නැගිටින්න බැ කියලා.. තවුසෙ නැඟිට්ටෙත් දැන්ද..? හරිනෙ ඉතින්.. උබ කොහොමත් උදෙන් නැඟිටින කෙනෙක් නෙමෙයිනෙ.. "

" හි හී.. මේකනෙ සුදු.. ඔයා නිදිනම් මම එහෙම නැඟිටින එක හරි නෑනෙ.. මොකද මැරීඩ් කපල් එකක් වුනාම හැමදේම එකටම කරන්න ඕනෙනෙ.. "

" ආහ් එහෙමද.. එහෙනම් ආයෙ එකටම මොනාහරි කරමුද..? "

" ඔයානම් හරියට නරක් වෙලා.. "

" කවුද දන් නැ හොඳට හිටපු මාව නරක් කරේ.. "

" ඇත්තටම කවුද..? "

" කවුද ඉතින් තමුසෙ තමයි.. "

" අනේ යනවා.. "

Fate [ GL Nonfiction ]Where stories live. Discover now