එයා යනවත් එක්කම මම මගේ මේසෙට ඔලුව තියන් ඇස් දෙක පියා ගත්තා.
මම හොයන්න පුලුවන් උපරිම හොයලත් හම්බුනෙ නැති කෙනා මගෙ ගාවටම ආපු එක මට විශ්වාස කරන්න බැරි වුනා.මම එයා මගෙන් ගොඩක් දුරක ඉන්න ඇති කියලා හිතන් හිටියත් එයා හිටියෙ මගෙ ළඟමද කියලා මට හිතුනා.දුර බලපු මට ළඟ බලන්න අමතක වුනාද කියලා හිතුනා.සමහරවිට ඒක එහෙම තමයි වෙන්න ඇත්තෙ.සමහර දේවල් තියනවනෙ අපි කොච්චර කොහෙ හෙව්වත් ඒ දේවල් අන්තිමට හම්බෙන්නෙ අපේ ළඟම තිබිලා.
මේසෙට ඔළුව තියන් හිටපු මට නින්ද ගියේ කොයි වෙලාවද කියලා මට මතකයක් තිබ්බෙ නැහැ.මම ආයෙ ඇහැරුනේ මගේ හෙදිය කතා කරපු නිසා.ඒත් එක්කම මගේ අතේ ඔරලෝසුව දිහා බලපු මම දැක්කෙ වෙලාව හය ලෙස සටහන් වෙලා තියෙනවා.එහෙම්මම එයාටත් කියලා මම ගෙදර යන්න ලෑස්ති වුනේ අද වුන දේත් එක්ක මගෙ ඔළුව අවුල් වුනු නිසාත් අද දවසට මට කරන්න තව වැඩක් තිබ්බෙත් නැති නිසා.කොහොමහරි හතහමාර වෙද්දි මම ගෙදර ආවා.
" ආදිත්‍යා.. මොකද අද කලින්..? "
මාමා ඉස්සරහ ඉදන් මගෙන් කලින් ඇයි ඇහුවත් මම එයාට උත්තර දෙන්න ගියෙ නැහැ.වෙනදට හැමදාම මහ රෑ කකුල් හතරෙන් ගෙදර එන මම අද හොඳ සිහියෙන් ආව නිසා මාමා පුදුමවෙලා තිබ්බා.
කෙලින්ම මගේ කාමරේට ගියපු මම මගෙ බෑග් එකයි , කාර් කී එකයි , ෆෝන් එකයි ඇඳට විසි කරලා ඇදගෙන හිටපු ඇඳුම පිටින්ම බාතෲම් එයට ගිහින් ශවර් එක යට හිට ගත්තා.සීතලම සීතල වතුර බිංදු වලින් මාව නෑවිලා යද්දිත් මට මතක් වුණේ මිනුව.ඉස්සර අපි එකටමයි වොශ් දැම්මෙ.
" තාන්වි.. ඇති අනේ.. "
" ම්හුක්.. මට මදි.. "
" මදි... මදි තමා.. බලන්න මගෙ තොල පැලිලා තියන හැටි.. "
" ඕවා ඔහොම තමා ඉතිම්.. "
එයාගෙ තොල් පෙන්නන ගමන් එයා මට කියවන්න ගත්තා.එයා හරි අද වෙනදට වඩා එයාගෙ තොල් පැලිලා තිබ්බා.ඉතින් මම එයාගෙ තොල් සිනිදුවට අතගෑවා.
" සොරි වස්තුව.. ඔයාට රිදෙනවද.. ආදරේටනෙ ඉතින් මේ ඔක්කොම.. "
" ටිකක් විතර.. ඒත් ඒක ගානක් නැහැ.. "
![](https://img.wattpad.com/cover/326568775-288-k699272.jpg)
YOU ARE READING
Fate [ GL Nonfiction ]
Short Story" ඒවගේම මතක තියා ගනින් , දෛවය එකතු කරපු උන්ව මිනිස්සු වෙන්කරනවා කියලත්.. " තාන්වී ආදිත්‍යා රණසිංහ ♡ අනායා මිනෝදි වික්‍රමසිංහ • • Started : 11 June 2023 Ended : 02 July 2023