- 09 -

247 26 10
                                    

මම ගෙදර එද්දි මිනු වගේම මාමාත් ගාර්ඩ්න් එකේ බෙන්ච් එකට වෙලා හිටියා.තරහින් හිටියා වුනත් මිනුව කලබල කරන්න බැරි කමට මම සංසුන් වෙලා එයාලා ගාවට ගියා.

" තාන්වි.. මොකද වුනෙ..? "

" මුකුත් නැහැ මිනු.. කලබල වෙන්න එපා.. නිකන් කතා කරා විතරයි.. එයාලා මට මගෙ වෙන්න හබීව හඳුන්වලා දුන්නා.. "

" ඔයා ඔය ඇත්තද කියන්නෙ..? මට බොරු කියනවා නෙමෙයිනෙ..? "

" මම මොකටද මැණිකෙ ඔයාට බොරු කියන්නෙ.. "

" ම්ම්.. "

" යමු ඇතුලට.. "

දවස ඔහොම ගෙවෙද්දි තවත් අලුත් දවසකට ඉර පායලා තිබ්බා ඉතින් වෙනදා විදිහට මම හොස්පිට්ල් යද්දි මිනු එයාගෙ වැඩ වගේකට ගියා.

මම හොස්පිට්ල් එනගමන්ම රෂිව්ට කතා කරා.මොකද ඊයෙ කරපු දේවල් අපි ප්ලෑන් කරා වුනත් මෙච්චර දේවල් බලාපොරොත්තු වුනෙ නැති නිසා.

" හෙලො රෂිව්.. "

" ඕ.. ආදිත්‍යා.. මමත් ඔයාට කෝල් එකක් ගන්න කියලා හැදුවෙ.."

" ආහ්.. මොකද වුනෙ ඊයෙ..? අරුනිට අවුල් වගේද..? "

" අනේ නැ.. එයාට නෙමෙයි මටයි මෙතන අවුල.. "

" ඒ මොකෝ..? "

" ඇයි යකෝ.. ඊයෙ අර කාපු පාරට තාම කන කීන් ගානවා.. "

" ආහ්.. තාම හොඳට ඇහෙනවා නේද..? නැත්තම් අරුනි මාව මරන් කයි.. මිනිහගෙ කන බීරි කරා කියලා.. "

" අනෙ උබ අහගන්න එපා.. "

" හරි හරි.. මේ මොනා උනත් අමාරු වුනොත් දොස්තර කෙනෙක් ලඟටවත් යන්න.. "

" අනෙ උබ විකාර කියවන්නෙ නැතුව හිටපන්කො.. මොක්ද මිනෝදි එහෙම.. එයාට වුන දේවල් කිව්වද..? "

" නැ.. එයාව කලබල කරන්න බැ.. මම මුකුත් වුනෙ නැ කිව්වා.. "

" ආහ්.. දැන් මොකක්ද ඉස්සරහට කරන්නෙ..? "

" අදහසක් නැ.. බලමුකො.. "

" ම්ම්.. මමනම් හිතුවෙ අරුනිගෙයි මගෙයි වෙඩින්ග් එක ඉක්මනට ගන්න.. "

Fate [ GL Nonfiction ]Where stories live. Discover now