- 10 -

266 27 14
                                    

කාර්යයබහුල දවස් කිහිපයක අවසානයෙ අපි අපේ ජීවිතේදි ලබන තවත් එක් කඩයිමක් පහු කරන්න සූදානම් වුනා.

හෙට.. හෙට තමා ඒ දවස.. අපේ වෙඩින්ග් එක..

වෙඩින්ග් එකට කලින් රාත්‍රිය හැමෝටම වගේ අපි දෙන්නටත් ඒ රාත්‍රිය ගෙවා ගන්න එක ලේසි වුනේ නැහැ.මිනුට කොහොම වුනත් මටනම් ඒක ගොඩක් අමාරු වුනා.මම හිතන විදිහට මම ගොඩක්ම කියවන්න ඇත්තෙ අද වෙන්න ඇති.

" මිනු.. අපි දෙන්නා එහෙනම් ඇත්තට මැරි කරනවා නේද..? "

" ඔව් මැණික.. අන්තිමට අපි දෙන්නා හීන මවපු දවස උදා වෙනවා.. "

" මටනම් තාමත් මේක හීනයක් වගේ.. "

" මටත් එහෙමයි.. ඔයා හෙටින් පස්සෙ හැමදාටම මගේම වෙනවා.. ආයෙ අපි දෙන්නව වෙන් කරන්න කාටවත් බැහැ.. "

මගේ අත උඩ ඔළුව තියන් මට තුරුලු වෙලා හිටපු එයා එහෙම්ම ඉස්සිලා මගේ දෙතොල් මත හාඳුවක් තිබ්බා.

" ඔව්.. ආයෙ අපි දෙන්නව වෙන් කරන්න කාටවත් බැහැ.. "

එහෙම කියපු එයා මගේ වත මතට ඇවිත් මාව තදින් බදා ගත්තා.

" මොකද බන් මේ..? මාව මරන්නද හදන්නේ..? "

" හෙ හෙ.. ආදරේටනෙ ඉතිම්.. "

මෝඩ හිනාවක් දාන ගමන් එයා හුරතලෙන් කියද්දි එයාව ඇඳ මත පෙරල ගත්ත මම එයාගෙ වතට ඇවිත් එයාගෙ චූටි තොල් සිපගන්න ගත්තා.එයත් සිප ගැනීමට එක් වෙද්දි අපි දෙන්නා සිපුමේ ගැඹුරටම ගියා.විනාඩි ගනකට පස්සෙ මම එයාගෙන් අයින් වුනා.

" දැනට ඔය ඇති.. නැත්තම් හනිමූන් එකේදි කරන්න දෙයක් නැති වෙයි.. "

" කොහොමත් අලුතෙන් කරන්න දෙයක් නැනේ සුදු.. දැනටම ඔක්කොම කරලනෙ ඉන්නෙ.. "

" ඒකත් හරි හැබැයි.. එහෙනම් ඒ කරපුවා ඇති ඇතිනෙ.. ආයෙ ඕනෙ නෑනෙ.. අම්මෝ.. ඒකත් හොඳයි.. හෙට රෑට හොඳට නිදාගත්තෑකි.. "

" අපි බලමුකො.. ඔහොම කිව්වට ඔයා ඉස්සර වෙනවා කියලා මම දන්නවනේ.. "

" ආහ්.. හරි බලමුකො එහෙනම්.. මම මුකුත්ම නොකර නිදා ගන්නවා.. හුම්ම්.. "

Fate [ GL Nonfiction ]Où les histoires vivent. Découvrez maintenant