1.1

1.1K 125 6
                                    

ගත හිරිවට්ටන තරම් සීතලක් එක්ක නිව් යෝර්ක් නගරය පුරාම හමා යන සුළං රැල් කියන්නෙත් අවුරුද්දෙ අවසානයට ලං වුණ බවක්. වීදුරු ලා වැස්සෙන් ජනේලය මතට වැටෙන පිනි බිංදු දිහා බලන් හිටපු තරුණයාගේ ඇස් වල කිසිම හැ‍ඟීමක් නැති තරම්. විනාඩියකට කලින් ජනේලය ඇතුළින් බැඳුණු බොඳ වුණ මීදුම පිහලා දැම්මත් එළියෙ තියන සීතල නිසාම ආයෙමත් වීදුරුව බොඳ වෙලා තිබුණෙ තරුණයාගේ දර්ශනය අවහිර කරමින්. ස්වේටරය ගුලි කරන් හිටපු ඇඟිලි ලිහිල් කරපු තරුණයා ජනේලය මත ඇඟිලි අරන් ගියේ කලින් වගේම හැඟීමක් නැති ඇස් වලින්.

ස්වේටරයක් ඇඳන් උන්නු පිරිමි ලමයා වීදුරුවේ ටිකක් ලොකුවට රවුමක් ඇදලා ඒ මැද්දෙන් කොටු හැඩේ ඇස් දෙකක් ඇන්දත් එයාට බැරි වුණා ඒ මූණ සම්පූර්ණ කරන්න.

"ඒක හැපි එකක්ද? එහෙමත් නැත්තන් සෑඩ්ද?"

තමන්ගේ කාමරේ ඇතුළින් ඇහුණ නන්නාදුනන කටහඬ නිසා ගැස්සුණ පිරිමි ළමයා වේගෙන් ඔළුව හැරෙව්වෙ ඒ හඬේ අයිතිකාරයාව දකින්න. එතන හිටියෙ ටිකක් උස කඩවසම් පිරිමි ළමයෙක් එක්ක ස්වේටරය ඇඳගත්තු තරුණයාගෙ තාත්තා.

"ජීමින්, මං ගොඩක් වෙලා ඔයාට කතා කරා."

"තාත්තේ? මට ඇහුණෙ නෑ. හදිස්සියක්ද?"

ජීමින් ඇහුවෙ අඳුරන්නෙ නැති තරුණයා දිහත් එකපාරක් බලන ගමන්.

"මේ ජන්කුක්. කොරියාවේ මගේ යාළුවෙක්ගේ පුතෙක්. එයා දැන් ටික දවසක ඉඳලා ඉන්නේ නිව් යෝර්ක් වල."

ජීමින්ගේ තාත්තා ජන්කුක් කියන පිරිමි ළමයව අඳුන්වලා දුන්නේ ජීමින් ඔළුව පහත් කරලා ජන්කුක්ව පිළිගනිද්දි.

"මෙයාටත් මෙහෙ යාළුවෙක් හොයාගන්න බැරි වෙලා. මං හිතනවා ඔයාට පුළුවන් වෙයි කියලා හුරු වෙනකන් ජන්කුක්ට මෙහෙ පාරවල් ගැන කියා දෙන්න."

අවුරුදු දෙකක ඉඳලා ජීමින් එයාගේ තාත්තයි අක්කලා දෙන්නයි එක්ක ඇරෙන්න පිට කෙනෙක් එක්ක කිසිම සම්බන්ධකමක් තියාගෙන නෑ. ඉතින් එයා පුදුම වුණා එයාගේ තාත්තම මේ විදිහට කෙනෙක්ව අඳුන්වලා දුන්න එක ගැන. ජීමින් ටිකක් වෙලා නිහඬවම හිටියේ එයාට අළුත් කෙනෙක් එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙයිද කියලවත් හිතාගන්න බැරුව.

"ඔයාට පුළුවන්නේ?"

"ආහ් ඔව් තාත්තා. නයිස් ටු මීට් යූ ජන්කුක්!"

ජීමින් මවාගත්තු හිනාවක් යන්තමින් ජන්කුක්ට දුන්නත් ජන්කුක් හිටියේ මූණ පිරුණ හිනාවකින් එයාලා දෙන්නා දිහා බලාගෙන.

"ඔයාගේ කාමරේටම එන්න වුණ එක ගැන නම් කණගාටුයි. ඒත් ඔයාට පුළුවන් වෙයි මට හොඳ යාළුවෙක් වෙන්න."

ජන්කුක් ඒ හිනාවෙන්ම ජීමින්ට කියද්දි ජීමින්ගේ තාත්තා එතනින් ආවේ දොර දිහා බලන් හිටපු ජීමින්ගේ හිත කලබල වෙද්දි. එයාට පිට කෙනෙක් එක්ක කතා කරන්න දෙයක් තිබ්බෙ නැති තරම්. හැබැයි ජන්කුක්, එයාටත් එහෙම වෙයිද?

"ඉතින්, ඔයා මට කිව්වෙ නෑනේ හැපිද? සෑඩ් ද?"

ඒ වෙද්දි ජනේලේ ඇඳලා තිබුණු අසම්පූර්ණ මූණෙ තැනින් තැන වතුර බිංඳු ගලාගෙන ජනේලේ දිගේම පහළට ඇවිත් තිබුණේ. ජන්කුක් අහද්දි ජීමින් ජනේලේ ලඟින් හිටගත්තේ එයා ඇඳපු අසම්පූර්ණ මූණටත් වැඩිය අසම්පූර්ණ වුණ තමන්ගේ ජීවිතේ ගැන හිතාගෙන. ස්වේටර් එක ඇතුළෙ හැන්ගුණ ඇඟිල්ලක් අරන් තනි ඉරකින් කටක් ඇඳපු ජීමින් ජන්කුක් දිහාවට හැරුණේ හිනා වෙන්න උත්සහා කරන ගමන්.

"ඒක හැපිවත් සෑඩ්වත් නෙවෙයි ජන්කුක්. මේ වගේ. කිසිම හැඟීමක් නෑ. හැබැයි, මං ඒක ඇඳලා ඉවර කරන්නත් කලින් ඒකෙ පෙනුම නැති වෙලා ගියා."

ජනේලෙ දිගේ පහළට ගලන් ආපු වතුර බින්දුවක් අතින් නතර කරලා ජීමින් කිව්වේ සමහර විට ජන්කුක් එයාගේ කාමරේට ආවෙ නැත්තන් අඩුම තරමින් ඒක නැති වෙන්න කලින් සම්පූර්ණ කරගන්න හරි පුළුවන් කමක් තිබුණ නිසා.

"මං ජීමින්, ඔයා දන්නවනේ.."

"අංකල් මට කිව්වා. හෙට උදේට චර්ච් එකට යන්න එනවද?"

ජන්කුක් ඇහුවේ ජීමින්ගෙ තාත්තගෙන් දැනගත්තු විදිහට ජීමින් හැම ඉරිදම පල්ලියට ගිය නිසා. ජීමින්ගෙත් ඒ ගැන අකමැත්තක් තිබුණෙ නැත්තේ දැනටමත් එයා මේ උස පිරිමි ළමයට උදව් කරන්න භාරගෙන හිටිය නිසා.

__________________________________
Blacklove ✨️

ඔක්කොම දාලා තියෙන්නේ.

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now