7.2

224 93 7
                                    

ජන්කුක් වාහනෙන් බැහැලා ගිහින් ජීමින් වෙනුවෙන් දොර ඇරලා දෙද්දි තොල් අගට ආපු ලස්සන හිනාවක් එක්ක ජීමින් වාහනෙන් බැස්සා.

"මං එහෙනම් යන්නම්."

"ජන්කුක් අද ඇතුළට එන්නැද්ද?"

ඒ දෙන්නා අතරෙ නොසන්සුන්කමක් මතු වෙද්දි ජීමින් හරි අමාරුවෙන් ඇහුවේ. ජන්කුක් මේ දවස් ටිකේම මිස්ටර් පාර්ක්ව බලන්න ඇතුළට ඇවිත් තමයි ආපහු ගියේ.

"මට වැඩක් තියෙනවා ජීමින්. ආහ්.. මං ගිහින් එන්නම්. ම්ම්... උදෙන්ම මං එන්නම්."

"ම්ම්.."

ජීමින් කියන්න හදපු දේ නතර කරලා ජන්කුක්ගේ ඇස් මග අරින්න මහන්සි වෙද්දි ජන්කුක්ට හිනාවකුත් ආවා.

"ඇයි ජීමින්?"

"ආහ් ම්-මේ... පරිස්සමෙන් යන්න."

"ඕකේ ගුඩ්නයිට් මිනී..!"

ජන්කුක් දීපු අලුත් හුරතල් නික් නේම් එකට ජීමින්ව රතු වුණා ජන්කුක් වුණත් දැක්කා. ජීමින් තමන්ගෙ ඇස් මග ඇර ඇර කියන්න හදන දේ ගැන ජන්කුක්ට අදහසක් තිබුණෙ නෑ.

"ගුඩ්නයිට්.."

ජන්කුක් වාහනේ ලඟට ආවේ ජීමින් බලාගෙන ඉද්දිමයි. ජීමින්ට ඕනි වුණා ජන්කුක්ව නතර කරන්න. හේතුවක් නොදන්නවා වුණත් ජීමින්ගේ කලබල හිත මේ වෙලාවේ ජන්කුක් වෙනුවෙන් ගැහෙන්න අරන් තිබුණා.

"ජන්කුක්..."

කාර් එක අන්ලොක් කරද්දිම වගේ ජීමින් කතා කරනවා ඇහෙද්දි ඒ දිහා බලපු ජන්කුක් දැක්කේ තමන් දිහාට දුවගෙන එන ජීමින්ව. හදිසියේම ඇවිත් දුවන් ආපු වේගෙන්ම ජන්කුක්ගේ බෙල්ලෙ වටේ එයාගේ අත් යවලා ජන්කුක්ගේ හීනි තොල් උඩින් එයාගේ තොල් තද කරපු ජීමින් ලෑස්ති වුණේ තත්පර ගාණකින් එතනින් දුවන්න. ඒක ජීමින්ට අනුව චූටි පෙක් එකක් තමයි. ඒ කියලා ජන්කුක්ට එහම වෙන්න ඕනි නෑනේ. ඕනිම දේකට හදිසියේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබුණ ජන්කුක් ඒ පිම්බුණ තොල් අත ඇරෙන්න නොදීම ආයෙත් සැරයක් තමන්ගෙ තොල් වලින් අල්ල ගනිද්දි ජීමින් ඇස් දෙක ලොකු කරගත්තා.

ජීමින් හිටියෙ පොළොවෙන් චුට්ටක් විතර ඉස්සිලා. එයාගේ ඉණ වටේ තමන්ගෙ අත් යවපු ජන්කුක් සිපගැනීම නතර නොකරම ජීමින්ව තමන්ගේ අත් වලින් ඔසව ගත්තේ අපහසුවක් නොවෙන්න. පුදුමෙන් ලොකු වුණ ඇස් ගෙවෙන තත්පරයක් ගානෙ හිමින් සැරේ පියවෙද්දි ජීමින් ඒ සිපගැනීමට අවනත වුණා. ඒ අතරෙ මේ අවුරුද්දෙ පළවෙනි හිම වැස්සත් ඒ දෙන්නා වෙනුවෙන් පොළොවට වැටුණේ ඒ ජීවිත වලට සහනයක් ගෙනත් දීලා.

ජීමින්ට හුස්ම ගන්න අපහසු වෙද්දිම වගේ ජීමින්ගේ තොල් වලින් ඈත් වුණ ජන්කුක් ජීමින්ව බිමින් තිබ්බේ වුණ දේ ගැන දහස් වාරයක් හිතෙන් පසු තැවෙන ගමන්. ඒ දේ නිසා මෙච්චර දවස් තිබුණ යාළුකමත් නැති වෙන්න ඉඩ තියෙනවා කියලා ජන්කුක් දැනන් හිටියා.

"අම්... ජීමින් මං..."

"මං යන්න ඕනි."

ජන්කුක් අමාරුවෙන් වචන ගැට ගහගනිද්දි කලබලෙන්ම ගෙදර ඇතුළට ගියපු ජීමින් වහගත්තු දොරට හේත්තු වුණේ මොහොතකට කලින් වුණ දේ විශ්වාස නැතුව. එතන හැමදේම පටන් ගත්තෙ තමන් වෙද්දි ජන්කුක්ගේ වැරැද්දක් තිබුණෙම නෑ. ජීමින් දන්නවා තාමත් ජන්කුක් ගියෙ නෑ කියන්න. ෆෝන් එක අරන් ජන්කුක්ගේ අංකයට මැසේජ් එකක් දාපු ජීමින් සාලෙට වෙලා එයා දිහා හොලමනක් දැක්කා වගේ බලන් ඉන්න අක්කලා දෙන්නව ගණන් නොගෙනම කාමරේට දිව්වා. එයාට ලාවට වගේ ඇහුණා ජෙනී හිම වැටෙනවද කියලා අහනවත්.

එළියෙ හිටපු ජන්කුක් ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එද්දිම හරි සිහියට ආවා.

"අයිම් රියලි සොරි ජන්කුක්. ඒක ගැන හිතන්න එපා දැන්. අපි හෙට උදේට හම්බෙමු. ගුඩ්නයිට්."

ජීම්න් ඒක ගැන කොහොම හිතුවත් ජන්කුක්ගේ හිත කීයටවත් ඒක ගැන හිතන එක නතර කරන්න කැමති වුණේ නෑ. ඒක එයාගේ වෙරි ෆස්ට් කිස් එක.

__________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now