6.1

233 95 3
                                    

පාන්දර එකත් පහු වෙලා ජීමින්ව ගෙදරින් දාලා ජන්කුක් එයාගේ අපාර්ට්මන්ට් එකට යන ගමන් හිටියේ . ඒ අතරෙ කවදාවත් නැතුව ජීමින්ගේ අංකෙන් ඇමතුමක් ජන්කුක්ට ආපු නිසා වාහනේ හරවගෙන ආයෙමත් ජීමින්ගේ ගෙදරට එන්න ජන්කුක්ට සිද්ධ වුණා. ඒ වෙද්දිත් ඇම්බියුලන්ස් එකක් ජීමින්ගේ ගෙදර ඉස්සරහින් නතර කරලා තිබුණේ ජන්කුක්ව බයටම ගැහෙද්දි. විනාඩි කීපයකට පස්සේ ජීමින්ගේ තාත්තව ඇම්බියුලන්ස් එකට අරන් ආවේ ජීමින්, සොෆියා වගේම ජෙනීත් ඒ පිටිපස්සෙන්ම එද්දි. පොඩි බ්ලැන්කට් දෙකක් ඇඟට උඩින් දාගෙන හිටපු කෙල්ලො දෙන්නගෙ තිබුණ නිදිබර ඇස් වගේම ජීමින්ගේ කඳුළු පිරුණ ඇස් ජන්කුක්ව රිද්දුවේ ඕනිවටත් වඩා නපුරු දෙයක් වෙයිද කියන බයත් එක්කමයි.

"ඔය තුන් දෙනා මාත් එක්ක යමු."

ජන්කුක් කිව්වේ ඇම්බියුලන්ස් එකට නගින්න හදපු ජීමින්ගේ අක්කලා දෙන්නටයි ශොක් එකෙන් ඉන්න ජීමින්ටයි.

"මට බෑ. මං තාත්තා එක්ක එන්නම්."

ජීමින් මේ වෙලාවේ ඕනිම දේකට එකඟ වෙද්දි, සොෆියා තාත්තා එක්ක හැමෝටම යන්න බෑ කියලා තේරුම් ගද්දි, මුරණ්ඩු වුණ ජෙනී බලෙන්ම වගේ ඇම්බියුලන්ස් එකට නැග්ගේ ජන්කුක් ඒකට එකඟ වෙද්දි.

"ජෙනී කලබල වෙන්න එපා. ඔයාට තේරෙනවනේ? කලබලෙන් කිසිම දෙයක් කරන්න එපා. එයාව බලාගන්න."

ඇම්බියුලන්ස් එකේ දොරවල් දෙක වැහෙන්න කලින් අන්තිමට එහෙම කියපු ජන්කුක් අනිත් දෙන්නවත් වාහනෙන් දාගත්තේ මුලින්ම හොස්පිටල් එකට යන්න. නළා හඩත් එක්ක ඉස්සරහට ඇදෙන වාහනේ දිහා ජීමින් ඔහේ බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. ජන්කුක් තවමත් දන්නෙ නෑ වුණේ මොකක්ද කියන්න නම්.

"සොෆි, ඔයාවත් මට කියනවද මොකක්ද වුණේ කියලා."

වාහනේ ගෙනියන අතරෙ ජන්කුක් පිටිපස්සෙ ශීට් එකේ හිටපු සොෆියගෙන් ඇහුවා. ජීමින් වචනයක්වත් කතා කරේ නෑ තවම.

"මායි ජෙනියි නින්දෙ හිටියේ. ජීමින් තාත්තට කතා කරන සද්දෙටයි අපි දෙන්නා පහළට ආවේ. එ-එයා හිටියේ... තාත්තා හිටියේ සිහිය නැතුව. ජීමින් එනකන් බලන් ඉන්න ඕනි නෑ කියලා මං කිව්වත් එයා ඇහුවෙ නෑ. මං පුළුවන් තරම් ඉක්මණට ඇම්බියුලන්ස් එකට කතා කරා."

ජන්කුක්ට හිතාගන්න පුළුවන් ජීමින් මෙහෙම ඉන්න හේතුව. තාමත් සුවපත් වෙලා නැති ජීමින්ගේ බිඳුණු හිත මේ වගේ දේකින් තවත් බිඳිලා යන්න පුළුවන් කියලා ජන්කුක්ට තේරුණා.

"එයාලා තාත්තව චෙක් කරාද?"

"ඔව්. එයාලා කිව්වා හොස්පිටල් එකට ගෙනියන්න ඕනි කියලා. අපි දන්නෙ නෑ හේතුවක් එහෙම වෙන්න. තාත්තා ලෙඩින් හිටියෙ නෑ."

සොෆියා කියද්දි ජන්කුක් හුස්මක් පහතට දැම්මේ පැසෙන්ජර් ශීට් එකට වෙලා ශීට් බෙල්ට් එකට ඇඟිලි තද කරගෙන අතරමන් වුණ බලු පැටියෙක් වගේ ඉස්සරහා බලන් යන ජීමින් ගැන හිතට දැනුණ ලොකු දුකක් එක්කම. ජීමින් ප්‍රශ්න වලදි මේ විදිහට සයිලන්ට් වෙන එක ඇත්තටම බය හිතෙන දෙයක්.

"ජීමින්, එයා හොඳින්. මාව විශ්වාස කරන්නකෝ."

ජන්කුක් ඉස්සරහට වෙන්න තියන දෙයක් ගැන නොහිතම ජීමින්ට පොරොන්දු දුන්නත් ජීමින් විශ්වාසය කියන වචනෙ ගැන හිතන එක නතර කරලා හුඟක් කල්. හැබැයි මේ වෙලාවේ තමන්ගේ හයියට ඉන්න ජන්කුක් නිසා එයාට කට ඇරලා වචනයක් හරි කියන්න ඕනි වුණා. මේ දවස් ටිකේම ජීමින්ගේ හැම ප්‍රශ්නෙකටම ලඟින් හිටිය කෙනා ජන්කුක්.

ජීමින් වචනයක් කියන්න හැදුව එකෙන් වුණේ මෙච්චර වෙලාවක් හිර කරන් හිටපු ඉකියක් එළියට ආපු එක. ටිකකින් ජීමින්ගේ ඇස් වලින් කඳුළු ගලාගෙන එද්දි ජීමින් කරේ හොස්පිටල් එක ලඟට එනකන්ම කෑ ගහලා අඩපු එක. අවුරුදු ගාණක කඳුළු එක සැරේ ඒ විදිහට එළියට දාද්දි සොෆියා වගේම ජන්කුක් ඒ දිහා වේදනාවෙන් බලන් හිටියා. ජීමින්ට අඩන්න එපා කියන්න ජන්කුක්ට බෑ. ජීමින්ගේ ජීවිතේ ලොකුම හයිය එයාගේ තාත්තා. එයාගේ හස්බන්ඩ්ගේ මරණෙන් පස්සේ වුණත් තාත්තා හිටියෙ නැත්තන් අද මෙහෙම ජීමින් කෙනෙක් ඉන්නෙත් නෑ. අනිත් අතින් සොෆියා පුදුම තරම් දරාගැනීමක හිටියෙ.

"අපි ආවා. ජීමිනී, අපි ඇතුළට යමු. බලන්න ජෙනී ඇත්තෙත් තනියම. ඔයාට පුළුවන් නේද තාත්තා වෙනුවෙන් කඳුළු පිහදගන්න."

ජන්කුක් සන්සුන් කටහඩකින් ජීමින්ට කියද්දි පොඩි ළමයෙක් වගේ ඔළුව වනපු ජීමින් එයාගේ හුඩි එකේ අතෙන් මූණ පිහ දාලා ජන්කුක් දිහා බැලුවේ දැන් හරියි කියන්න වගේ.

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now