3.2

251 103 7
                                    

"ආහ් ඒක නෙවෙයි. ඔයා හිතුවද ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගන්න එක ගැන."

ජන්කුක් හරිම වදකාරයෙක් ජීමින්ගෙ විදිහට නම්. එයා ආස නැති දේමයි ජන්කුක් අහන්නේ.

"ඒ ගැන වැඩිය හිතන්න එපා ජන්කුක්. කොහොමටත් මට ආයේ එතන ජොබ් එකක් ලැබෙන එකක් නෑ. ඒක අමතක කරන්න."

"එහෙම නෙවෙයි ජීමින්. නවත්තපු තැනින් පටන් ගන්න එකට වැඩිය ලේසිම දේ අලුතින් පටන් ගන්න එක. ඉතින් මොකද කියන්නේ ඔයාගෙම තැනක් ගැන?"

ජන්කුක්ගේ වුවමනාව තිබුණෙම ජීමින්ව වැදගත් මොනාම හරි දේකට යොමු කරන්න. ඒක ජීමින්ගේ තාත්තගේ එකම ඉල්ලීම.

"ආහ් මං හිතලා බලන්නම්."

එක පාරින්ම අකමැති වෙන්න ජීමින්ට හේතුවක් හදාගන්න බැරි වුණ නිසා එයා ජන්කුක්ව මග අරින්න උත්සහා කරා. ජීමින්ට ආයෙමත් දේවල් අලුතින් පටන් ගන්න හිතක් නෑ.

"මං ඔයාට හොඳ තැනක් හොයලා දෙන්නම් ඉතින් ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගන්න."

"ජන්කුක් මං ඒකට කැමති වුණේ නෑ. අනික ඔයා කොහොමද නිව් යෝර්ක් වලින් මට තැනක් හොයන්නේ? ඔයාව මෙහෙට හුරු කරන්නෙත් මං කියලා අමතක වුණාද?"

ජීමින්ට නුරුස්සන දේකට තිබුණේ ජන්කුක්ගේ කියවිල්ල වැඩිකමම තමයි. ඒත් ඒවට උත්තර නොදී ඉන්න තරම් ජීමින් නපුරු වුණේ නෑ.

"ඒකට තමයි ඉන්ටර්නෙට් තියෙන්නේ. මං මේ ටිකේම මෙහෙන් ඔන්ලයින් යාළුවෝ හදාගත්තා. අපිට පුළුවන් වෙයි ඒ අයගෙන් උදව් ගන්න."

"අපිට බෑ එයාලව විශ්වාස කරන්න ජන්කුක්."

ජීමින් දුක් වුණා ජන්කුක් රැවටෙන්න හදන එකට. නොදන්න රටක ඔන්ලයින් යාළුවෝ කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

"එහෙනම් අපි ඔයාගේ යාළුවොන්ගෙන් උදව් ගමු."

ජීමින්ට යාළුවො හිටියෙ නෑ කියල නම් ජීමින්ගේ තාත්තා ජන්කුක්ට කිව්වෙ නෑ. ජීමින් ඒකට උත්තර දුන්න මහන්සි වුණෙත් නැති නිසා ජන්කුක් කල්පනා කරන්න ගත්තේ ඒ වැඩේට ජීමින්ගේ උනන්දුව ඇති කරවන්න දෙයක් ගැන.

"ඕහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔයා දන්නවද ජේහෝප් ව?"

ජන්කුක් මතක් කරලා කියපු දේ නිසා ජීමින් හරි ඉක්මණින් ඔළුව හැරෙව්වේ ඩ්‍රයිවින් ශීට් එක දිහාවට. එයා කොහොමද ජේහෝප්ව නොදැන ඉන්නේ.

"ජන්ග් හෝසොක්ද?"

"ඔව්. ඇති යන්තම් ඔයා දන්නවා. හොබී හ්‍යොන්ග් මගේ යාළුවෙක්. එයා මේ දවස් වල කැලිෆෝනියා වල ඉන්නේ."

ජේහෝප් කියන්නේ හුඟක් ප්‍රසිද්ධ ස්ට්‍රීට් ඩාන්සර් කෙනෙක්. ජීමින් ඉස්සර එයාගේ ෆෑන් කෙනෙක් වෙලා හිටියා. ඒත් ජන්කුක් ජේහෝප්ව දන්නවා කියන එක නම් ජීමින්ට හිතා ගන්නත් බැරි වුණා. අනික් අතට ජීමින් දන්නෙ නෑනේ ජන්කුක් හැමදේම කරන්නේ එයාව මේ වැඩේට කැමති කරගන්න කියන එක.

"කැලිෆෝනියා වල? එයා අන්තිමට හිටියේ නේපාල් වලද කොහෙද?"

"ඒ දැන් අවුරුදු දෙකකට කලින්නේ ජීමින්. ඊට පස්සේ එයා ඉන්දියාවේ ඩාන්සින් ගෲප් එකක් හැදුවා. දැන් ඒකට මුළු ලෝකේ වටේම ඇවිද ඇවිද කට්ටිය හොයනවා. එයයි එයාගේ ටීම් එකයි මේ දවස් වල ඉන්නේ මෙහේ."

"වාව්..."

ජන්කුක් නිසාම ජීමින් හිතනවට වැඩිය ඉක්මණින් ලෝකේ වෙනස් වෙනවා කියලා එයාට දැනෙන්න පටන් අරන් තිබුණා. මෙච්චර දවස් එයා ඈත් වෙලා හිටපු ලෝකෙ ජන්කුක් හරිම හිමින් පෙන්නලා දෙද්දි ජීමින් කලින් වගේ මේ පාරත් ඒකෙන් ඈත් වෙන්න නම් හැදුවෙ නෑ.

_______________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Onde histórias criam vida. Descubra agora