4.1

259 107 9
                                    

“Unrequited love is the infinite curse of a lonely heart.”

"ඔයාට විශ්වාසද මේක කරන්නම ඕනි කියලා. ආහ් මට බෑ. ජන්කුක් මට ගෙදර යන්න ඕනි."

ජන්කුක් ජීමින් එක්ක මුල් දවසෙ ගියපු කොෆි ෂොප් එකට ඇවිත් බලන් ඉද්දියි ජීමින් නහයෙන් අඩන්න පටන් ගත්තේ. ලයිබ්‍රි ගිහින් දවස් දෙකකට පස්සේ ජන්කුක් උදෙන්ම ජීමින්ව එළියට එක්කන් ආවේ ජේහෝප්ව හම්බෙන්න.

"හොබී හ්‍යොන්ග් යකෙක් නෙවෙයි. මට හිතෙන්නෙ මේ සීතලේ ඔයාට දාඩියකුත් දාලාද කොහෙද?"

"ජන්කුක්, මං එයාගේ ෆෑන් කෙනෙක්."

ජීමින් මුමුණද්දි ප්ලේයර් එකෙන් ඇහුණ ජෑස් සංගීතය නතර වුණේ අර වයසක මිනිස්සුන්ගෙත් සද්දෙ ටිකක් වැඩි වෙද්දි. තත්පර ගාණකින් වේග රිද්ම සංගීතය ඇහෙද්දි ජන්කුක් වගේම ජීමිනුත් බැලුවේ කොෆි ෂොප් එක මැද්දෙ වයසක සෙට් එකක් වට කරගෙන නටන කෙනා දිහා. ඒ කවුද කියලා අඳුරගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් නොගිය හින්දම එයා ඒ දිහාවට ඇවිද්දේ ජීමිනුත් ඒ පස්සෙන් එද්දි.

"ආහ් මේ වයස මිනිස්සුත් වෙලාවකට හෙන ජොලිනේ. හොබී හ්‍යොන්ග් කැපිච්ච පණුවෙක් වගේ පේන්නේ."

ජන්කුක් හිනා වෙන ගමන් ජීමින්ට ලං වෙලා මුමුණද්දි තරහ ගත්තු ජීමින්ට පුළුවන් වුණේ එයා දිහා රවලා බලන්න විතරයි.

"ඒක බ්‍රේක් ඩාන්ස් එකක්. කීයටද මෙයා මේක නතර කරන්නේ."

වයසක මිනිස්සු ජේහෝප්ට චියර් කරද්දි ඩාන්ස් එක නතර කරන්න අදහසක්වත් නැති නිසයි ජීමින් ඇහුවේ. ජන්කුක් උරහිස් අකුළලා දන්නෙ නෑ කිව්වේ ඇහෙන සින්දුව නිසා පොඩ්ඩක් අරහෙට මෙහෙට වැනෙන ගමන්. විනාඩි ගාණකින් නටන එක නතර කරපු ජේහෝප් එතන හිටපු වයසක මිනිස්සු එක්ක ෆොටෝස් ගොඩකුත් අරන් ජන්කුක් හිටපු මේසෙට ආවේ ජීමින්ගේ කණ බීරි වෙලා යන තරම් සද්දෙකින් කෑ ගහගෙන.

"ආහ් හොබී හ්‍යොන්ග් කෙළ ගාන්න එපා අනේ. ඉදගන්නකෝ.."

ජන්කුක්ව හැම පැත්තෙන්ම හග් කරපු ජේහෝප් අන්තිමට කම්මුල් වලට කිස් එකක් දෙන්න කලින් ඈත් කරගන්න ජන්කුක්ට පුළුවන් වුණා.

"මේ ඉන්නේ ජීමින්. මං ඔයාට කිව්වේ මෙයා ගැන."

ජීමින් එයාගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක ඉස්සරහා හිටියේ ඇස් දෙකත් ලොකු කරන්. දෙතුන් පාරක් ඔළුව නවපු ජීමින් රතු වෙලා හිටියේ නම් ජේහෝප් තමන් ඉස්සරහා ඉන්න එකටයි.

"වාව් කියුට්නේ එයා. ඉතින් කොහොමද ජීමින්? ජන්කුක් ඔයා ගැන හුඟක් දේවල් මට කිව්වා."

ජේහෝප් කලින් තරම් සද්දෙ නැතුව කතා කරපු එක නම් ජීමින්ට සහනයක් වුණා. හැබැයි ඉතින් එයාට වචනත් අමතක වෙලා ගියේ ජේහෝප් තමන්ට කියුට් කියද්දියි. අනික ජීමින් දන්නවා නම් ජන්කුක් දවස් දෙකක් තිස්සේ උදේ රෑ නොබලා ජේහෝප්ට කෝල් කර කර තමන් ගැන කියලා වද දුන්න බවක්.

"ඔයා ඩාන්සින් ටීචර් කෙනෙක්ද?"

"අහ්.. ඔව් ඉස්සර මං ඩාන්සින් ඉගැන්නුවා."

ජීමින් ලාවට හිනා වෙලා කියද්දි ජන්කුක් අත් දෙකත් බැඳගෙන ඒ දෙන්නම දිහා බලන් හිටිය එකයි කරේ.

"ජන්කුක් මේ පලවෙනි පාරට තමයි වැදගත් වැඩකට මට කතා කරේ. ඒත් දැන් මෙතන එක්සයිට් වෙලා ඉන්නේ ජීමින්නේ. බැරි වෙලාවත් ඔයා මගේ ෆෑන් කෙනෙක් එහෙම නෙවෙයි නේද?"

"ආහ් හ්‍යොන්ග් විහිළු කරන්න එපා අනේ. එයා ලොකුම ලොකු ෆෑන් කෙනෙක් ජේහෝප්ගේ."

ජන්කුක් නහයෙන් ඇඬුවේ ජීමින් ලැජ්ජාවෙන් කොෆි කෝප්පය දිහා බලද්දි.

"ඕකේ ඕකේ... ජන්කුක් මට හැමදේම කිව්වා. ඔයා කරන ඕනිම වැඩකට මගේ උදව් තියෙනවා ජීමින්. ජන්කුක්ව විශ්වාස කරන්නකෝ. කිසිම වැඩක් බාගෙට කරන කෙනෙක් නෙවෙයි මෙයා."

ඒ ගමන ලැජ්ජාවෙන් ඇබරෙන්න පටන් ගත්තේ ජන්කුක්. ජීමින් ටික වෙලාවකින් ජේහෝප් එක්ක සාමාන්‍ය විදිහට කතා කරද්දි ජන්කුක් පිට කෙනෙක් වුණ එකත් හිනාවකින් භාර ගන්න එයාට පුළුවන් වුණා.

__________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now