9.2

220 99 3
                                    

ජන්කුක් දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලන් හිටපු ජීමින් ගැස්සුනේ එයාගේ කණ ලඟින්ම ඇහුණ සොෆියගේ හඬට.

"අ-අක්කා... මං..."

"එයා ඇත්තටම හොඳ කෙනෙක්. දැන් ඉතින් බොරු කියන්න ඕනි නෑ. මං කැමතියි ඔයාගේ හිත අස්සේ තියන දේවල් එළියට එනවා නම්."

ජීමින් නිහඬ වෙද්දි සොෆියා හිනා වෙලා ජීමින්ගේ මහත කම්මුලක් හැපුවේ එයාගේ අත උඩින් තෑග්ගක් තියන ගමන්.

"ආව් සොෆී... ඒක රිදුණා."

"මෙරි ක්‍රිස්මස් බබෝ. බලන්න ජෙනී ඔයාට මුකුත්ම අරන් නෑ. මං විතරයි ඔයාට ආදරේ."

ජීමින් ඇස් හීනි කරලා හිනා වෙලා සොෆියා දීපු තෑග්ග අත් දෙකෙන්ම බදාගත්තා. ජීමින්ට හැම අවුරුද්දෙම ක්‍රිස්මස් එකට එයාගේ අක්කලා දෙන්නගෙන් තෑගි ලැබුණා.

"තෑන්ක්ස් සොෆි.."

"හ්ම්... ඔයා හැමවෙලේම ඔයාගෙ හිත කියන දේ අහන්න. මගේ ජීමින් දැන් සතුටින් ඉන්න ඕනි කාලේ මේ."

"මං සලකලා බලන්නම්."

ජීමින් ගිෆ්ට් බොක්ස් එකේ අගක් හූරන ගමන් ජන්කුක් දිහාවට හැරුනේ එයාගේ හිත කියන එකම දේ ඒ රූපේ සම්බන්ධ දෙයක් නිසා. එයා දුකෙන් හිටියා ලොකු කාලයක්. එයා දැන් ජන්කුක්ට ආදරේ කරනවා කියන එකේ අදහස කොහොමටත් ජීමින්ගේ හිතේ එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් තිබුණ ආදරේ නැති වුණා කියන එක නෙවෙයි. ඒ ආදරේ නැති කරන්න ජන්කුක්ටවත් කිසිම දවසක බැරි වේවි.

"ඔයා මාත් එක්ක පළවෙනිදා චර්ච් යන්න එන්න ඕනී. අපි සොෆියාවයි ජෙනීවයි එක්කගෙන යමු."

"තවත් අවුරුද්දක් ඉවරද ඒ කියන්නේ?"

යන්න ලෑස්ති වෙලා හිම වැස්ස අස්සෙම ජන්කුක් එක්ක ජීමින් ජන්කුක්ගේ වාහනේ ලඟට යනකන් ආවා.

"තාම නෑ... ඔයාට දවස් පහක් තියෙනවා. ඔයාගේ හිතේ තියෙන හැම දුකක්ම මේ අවුරුද්දෙන් ඉවර කරන්න ජීමින්. ඊලඟ එක අපි අලුතෙන් පටන් ගමු."

ජීමින් විරුද්ධත්වයක් නැතුවම ජන්කුක්ට එකඟ වෙන්න එයාගේ ඔළුව හෙලෙව්වා.

"මං හැම වෙලේම හිතන්නේ ඇයි ඔයා මීට කලින් මට හම්බුණේ නැත්තේ කියලා ජන්කුකා."

"දේවල් වෙන්නේ වෙන්න තියන හොඳම විදිහට වෙන්න ඇති. ඒ ගැන හිතන්න ගිහින් ඔයාගේ අහින්සක මොලේ නාස්ති කරගන්න එපා."

ජන්කුක් ජීමින්ගේ ඔළුවට තට්ටුවක් දාන ගමන් කිව්වේ. එයාලට අතීතේ වෙනස් කරන්න බෑ. සමහර විට අනාගතේත් බැරි වෙයි.

"අනිත් එක දැන් මං කිව්වා වගේ ඊලඟ අවුරුද්ද අලුතෙන් පටන් ගත්තට ඔයා හිතන්න එපා ඒ අලුත් ගමනෙදිත් සතුට විතරක්ම ලැබෙයි කියලා."

ජන්කුක් ජීමින්ගේ හොඳම යාළුවනේ. එයාට අයිතියක් තියෙනවා සමහර දේවල් ගැන ජීමින්ට අවවාද කරන්න.

"ඕකේ මිස්ටර් ජන්කුක්, දැන් දාර්ශනික නොවී ගෙදර යන්න. දොළහටත් කිට්ටුයි."

ජීමින් ජන්කුක්ව කාර් එක ලඟට තල්ලු කරද්දි තොල් අනිත් පැත්ත හරවපු ජන්කුක් වාහනේට නැග්ගා. අද දවස ජන්කුක්ගේ ජීවිතේ ලස්සනම නත්තල් දවස කියලා එයාට දිවුරන්න වුණත් පුළුවන්

__________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now