2.2

272 100 9
                                    

ජීමින් ජන්කුක්ගෙ අදහස ප්‍රතිකේෂ්ප කරේ නෑ. ජීමින් එයාගේ අක්කලා එක්කවත් එළියට ඇවිත් කොෆි එකක් බීලා තිබුණෙ නෑ කාලෙකින්. චර්ච් එක ලඟම තිබුණු නිව් යෝර්ක් වල ජනප්‍රිය නමක් තිබුණ කොෆි ෂොප් එකට ජන්කුක්ව එක්කන් ආපු ජීමින් දැක්කා එතන හිටපු හුඟක් අය අවුරුදු හැටක් වත් වුණ වයසක මිනිස්සු කියන්න. ලාවට ඇහෙන ජෑස් සංගීතයත් එක්ක ජීවිතේ සැදෑ සමය ලස්සන විදිහට ගෙවන්න තෝරගත්තු පිරිසක් එතන හිටියා. ඒක ප්‍රසිද්ධ වුණේ හුඟක්ම වයසක අය අතරෙ වෙද්දි ජන්කුක් ඉස්සරහා ජීමින්ට දිය වෙලා යන්න ඇත්නම් කියලා තරමේ ලැජ්ජාවක් දැනුණා.

"සොරි ජන්කුක්. ඇත්තටම මං දැනන් හිටියෙ නෑ. මං කිව්වේ... මං කාලෙකින්__"

"ඒකට කමක් නෑ. මං මේ මියුසික් එකට ආසයි. අනික මෙතන ඉදන් වුණත් කොෆි එකක් බොන්න බැරිකමක් නෑනේ."

ජන්කුක් කවුන්ටර් එක දිහාවට ඇවිදන් යන ගමන් කියද්දි ජීමින් ඒ ඇහෙන ජෑස් සංගීතයට ඇහුම්කන් දුන්නා. කාලෙකට කලින් ඒ සංගීතයට පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙනෙක් ජීමින්ගේ ජීවිතේ හිටියා. එයාගේ නමින් තිබුණ අතීත කතාවක ලස්සනම හරිය ගෙවුණෙ මේ විදිහෙ දේවල් එක්ක කියන්න ජීමින්ට අමතක නෑ.

"ඔයා කිව්වා කොෆි වලට ගෙවනවා කියලා. ඒ නිසා මං ටිකක් ගණන් වැඩි ඒවලින් ගත්තා."

ජන්කුක්ගේ මෝඩ හැසිරීම ආයෙත් සැරයක් ජීමින් ඉස්සරහා මතු වෙද්දි අතීතය අමතක කරපු ජීමින් බිල් එක පේ කරලා වයසක මිනිස්සු මැදම ටේබල් එකක ඉඳගෙන හිටපු ජන්කුක් ලඟින් වාඩි වුණා.

"ඔයා ජනේලෙ ලඟට ආසද? ආහ් මේ ටේබල් එක විතරයි හිස් වුණේ."

"ඒකට කමක් නෑ. ඉතින් ජන්කුක් කොරියාවේ ඉදන් ඇවිත් කොච්චර දවස් වෙනවද?"

ජීමින් පළවෙනි වතාවට කතාව පටන් ගත්තේ ජන්කුක්වත් පුදුම කරවලා.

"වැඩි දවසක් නෑ. මං එහේ ප්‍රයිවට් ඇඩ්වර්ටීස්මන්ට් කම්පැණි එකක වැඩ කරේ. ඒ කම්පැණි එකේම මෙහෙ තියන බ්‍රාන්ච් එකට මාරුවීමක් ලැබුණ නිසා මට කලින්ම මෙහෙට එන්න වුණා."

ජන්කුක් කියන දේවල් ජීමින්ට වැඩක් වුණේ නැතත් උණු කෝපි කෝප්පය ඉවර වෙනකන් වත් ඒ දෙන්නට කතා කරන්න දෙයක් තියෙන්න ඕනිනේ.

"ඔහ් එහෙමද? ඊයේ තාත්තා මට කිව්වෙ නම් ජන්කුක් ආවේ ඔයාගෙ ෆැමිලි බිස්නස් එක භාරගන්න කියලා. එයාට වැරදීමක් වෙන්න ඇති."

ජීමින් කියද්දි ජන්කුක් ඔළුවෙ අත ගහගත්තේ කියපු බොරුව අතටම අහු වුණ නිසයි. ජන්කුක් හිතුවෙ නෑ ජීමින්ගේ තාත්තා එක දවසට තමන් ගැන ඔච්චර දෙයක් කියයි කියලා නම්.

"ඒක එහෙම තමයි අනේ. අංකල්ට වැරදීමක් වුණේ නෑ. හැබැයි මං තාම ඒකේ සේවකයෙක්."

ජීමින් ඔළුව වැනුවේ කොෆි එක ලාවට තොල් වල ගාවන ගමන්.

"ජීමින් ඉස්සර පොඩි ළමයිට ඩාන්සින් ඉගැන්නුවා කියන්නෙ ඇත්තද? ඔයාලගෙ ගෙදර ටීවී එක ලඟ තියෙන ෆොටෝ එකක් දැකපු වෙලාවේ සොෆියා තමයි කිව්වේ."

සොෆියාගේ ගොසිප් වලට සමාන දෙයක් පළවෙනි වතාවට ජීමින් හොයාගත්තේ අදයි. ජන්කුක්ගෙ ඇස් දෙක කියන්නෙත් හරියට සීසීටීවි එකක් වගේ කියලා ජීමින් හරි ඉක්මණට දැනගත්තා. ඒත් ටීවී එක ලඟම තියන වෙඩින් ෆොටෝ එකක් ජන්කුක් නොදැක්කද, නැත්තන් හිතා මතාම මග ඇරියද කියන්න ජීමින් දැනන් හිටියෙ නම් නෑ.

"මං ඒක නතර කරා. අනික දැන් ඒ වගේ දෙයක් කරන්න මගේ හිතේ ලොකුවට කැමැත්තක් නෑ."

ජීමින්ගේ විනෝදාංශය වගේම වැඩිදුර ඉගෙන ගෙන තිබුණ දෙයක් තමයි ඩාන්සින් කියන්නේ. කාලෙකට කලින් ඩාන්සින් ස්කූල් එකක පොඩි ළමයි වෙනුවෙන් ජීමින් ඩාන්සින් ඉගැන්නුවත් මේ වෙද්දි තමන්ට නටන්න පුළුවන්ද කියලවත් ජීමින් දැනන් හිටියෙ නෑ. හැබැයි ජන්කුක් නම් ඒ ගැන ලේසියෙන් අමතක කරන එකක් නෑ.

"ඉතින් ඔයාට බැරිද තවත් සැරයක් උත්සහා කරන්න. කලින්ට වැඩිය වෙනස්ම විදිහකට."

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now