2.1

303 106 4
                                    

තාමත් උදේ නිසා නිව් යෝර්ක් නගරයට පොඩියට සීතලක් තිබුණත් පාරවල් වලට වැටිලා තිබුණ ගිනි අව්වත් එක්ක ඒ සීතල මහලොකුවට දැනුණෙ නෑ. ජීමින් ජන්කුක් එක්ක ගෙදරින් එළියට බැහලා මුලින්ම කරේ පාර දෙපැත්තෙ ජන්කුක්ගේ වාහනේ තියනවද කියලා බලපු එක.

"ඔයා කාර් එකේ නෙවෙයිද ආවේ?"

ජීමින් නළල රැළි කර ගනිද්දියි ජන්කුක්ට හිතුනෙ ජීමින් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න හිතාගෙන එයාගේ ඇනෙක්ස් එකේ ඉඳන් ඇවිදගෙනම ජීමින්ගේ ගෙදරට ආවේ අපරාදේ කියලා.

"ආහ් මං ටැක්සි එකක් ගත්තා. උදේ කාර් එක ස්ටාර්ට් වුණේ නෑ."

ජන්කුක් නිදහසට කාරණාවක් කියද්දි ජීමින් ආයෙමත් එයාගේ ගෙදර දිහාවට ඇවිදන් ගිහින් අරන් ආපු දේ දැක්කම ජන්කුක් එයාගේ ඉස්සරහා දත් දෙකත් පේන විදිහට හිනා වුණත් අවාසනාවකට ජීමින්ට ඒක මග ඇරුණා.

"අපි මේකෙද යන්නේ?"

"ඔව්.. මට මෙතන එන්න පුළුවන්. ඔයා දන්නවනේ මේක පදින්න."

ජීමින් හැමදාම චර්ච් එකට යන්න පාවිච්චි කරපු එයාගේ නිල් පාට බයිසිකල් එක ජන්කුක්ගේ ලඟින් නතර කරලා ඇහුවේ දෙන්නෙක්ට යන්න පුළුවන් විදිහෙ ඉඩක් ඒකෙ තිබුණ නිසා. ජන්කුක් එක පාරින්ම ඒකට කැමති වෙලා බයිසිකල් එකට නැග්ගේ ජීමිනුත් එකම පැත්තකට කකුල් දාලා ජන්කුක්ගේ කෝට් එකේ දෙපැත්තෙන් අල්ලගනිද්දි.

පල්ලියේ තිබුණ යාතිකාව අවසන් වෙද්දි එළියට ආපු ජීමින් ජන්කුක් එක්ක කිසි කතාවක් නොකරම බංකුවක ඉඳගත්තේ වෙනදා පුරුද්දට. ඊටත් විනාඩි ගාණකට පස්සේ පොඩි ළමයි දහයක් විතර ඇවිත් ජීමින්ව වට කරගනිද්දි සාක්කුවේ තිබුණ මොනාම හරි දෙයක් අතට අරගෙන ඒ ළමයිට බෙදලා දෙන හැටි ජන්කුක් දැක්කා.

ඒත් ජන්කුක් හැමවෙලේම වගේ ජීමින්ගෙන් දකින අඩුවක් දැනුත් ඒ විදිහටම එයාගේ මූණේ තිබුණා. වෙන කිසිම විදිහක වැරද්දක් නැති ජීමින් ලඟ කොයි වෙලාවකවත් සතුට කියන දේ තියෙනවා ජන්කුක් දැකලම නෑ. එයාගේ ඇස් දෙක අඩුම තරමින් ඒ ළමයි ලඟදිවත් දිළිසුණේ නෑ. ජන්කුක් දන්නවා ඒ ඇස් දෙක වෙන කෙනෙක් වෙනුවෙන් මග බලන් ඉදලා ඕනිවටත් වඩා මහන්සියෙන් ඉන්නෙ කියලා. අවුරුදු දෙකක් ගෙවෙද්දිත් ජීමින්ගේ ලඟට සැනසීම කියන දේ තිබුණේ හුඟාක් ඈතින්.

"ජන්කුක් අපි යමුද? මං ඕන්නම් ඔයාව ගෙදර ලඟින් දාන්නම්."

ළමයිගෙන් සමුගත්තු ජීමින් තමන් ලඟට එන ගමන් කියද්දි ජන්කුක් බැලුවේ ජීමින්ගේ බයිසිකල් එක දිහා. ඒක හරියට 'මමනෙ මේක පැදන් ආවේ' වගේ බැල්මක්.

"නැත්තන් ඔයාට පුළුවන් කාර් එක හදාගන්නකන් මේක තියාගන්න. මට ඉරිදට විතරයි ඕක ඕනි."

ජීමින් ඉස්සරහට යන ගමන් කියවන් ගියත් එයාට යන්න හම්බුණේ ටික දුරයි. ටිකක් ලොකු අතක් එයාගේ වැළමිට හරියෙන් අල්ලලා එයාගේ ගමනට බාධා කරද්දි ජීමින් ජන්කුක් දිහා බැලුවා.

"අපි කොෆි එකක් බොන්න යමුද? ප්ලීස්.. එකම එකයි. ඔයාට පුළුවන් ඕනි නම් ඒකට ගෙවන්න."

තවත් කෙනෙක් ගැන තේරුම් ගන්න උත්සහ කරන එක ජීමින්ගේ විදිහ නෙවෙයි වුණත් එයාට ඊයේ හම්බුණ එයාගේ තාත්තගේ යාළුවාගේ පුතා ගැන ජීමින්ට තිබුණෙ කුතුහලයක්. සාමාන්‍යයෙන් කොෆි එකක් බොන්න යන්න කතා කරන විදිහ ඕක නෙවෙයි කියලා ජන්කුක්ටත් නොතේරුණාම නෙවෙයි. හැබැයි ඉතින් දැන් එයා ඒ වචන ටික ආපහු ගන්න පරක්කු වැඩියි.

"මං කාලෙකින් මෙහෙ කොෆි ෂොප් එකකට ගිහින් නම් නෑ. ඒත් අපි ට්‍රයි කරමු."

______________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now