3.1

268 103 8
                                    

"It's hard asking someone with a broken heart to
fall in love again."

නොවැම්බර් සීතල එන්න එන්නම වැඩි වෙද්දි ඝනකම් පොරවනය ඇතුළට ගුලි වුණ ජීමින් හුඟක් වෙලා තිස්සේ තුරුළු කරන් හිටපු රාමු කරපු ෆොටෝ එක එයාට එහා පැත්තෙන් තිබුණු කොට්ටෙ යටින් පරිස්සමෙන් තිබ්බේ හොඳ නින්දක් බලාපොරොත්තුවෙන්. හිම වැටෙන්න ලං වෙද්දි දැනෙන සීතල ජීමින්ට කවදත් දරාගන්න බැරි තරම් වුණා.

"ජීමිනී, ඔයා නිදිද?"

යන්තම් ඇස් පියවීගෙන එද්දිම වගේ ජීමින්ගේ ලොකු අක්කා වුණ සොෆියා දොරට තට්ටු කරද්දි ජීමින් කේන්ති ගත්තෙ අමාරුවෙන් ලං කරගත්තු නින්ද ආයෙත් ඈතට ගියපු නිසා.

"හදිස්සියක්ද? ඔයාට ඕන්නම් ඇතුළට එන්න. මං කීයටවත් දැන් ඇඳෙන් බහින්නෙ නම් නෑ."

ජීමින් ටිකක් සද්දෙන් කිව්වේ අගුළු දාපු නැති දොරත් ඇරගෙන සොෆියා කාමරේ ඇතුළට එද්දි.

"ඔයාගේ යාළුවා ඉන්ස්ටග්‍රෑම් වලින් මට මැසේජ් එකක් දාලා තිබුණා. මං හිතන්නේ එයා ඔයාව ඒක ඇතුළෙ හොයලා තියෙනවා. මං කිව්වා මගේ මෝඩ මල්ලිගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වල මකුළු දැල් බැඳිලා කියලා."

සොෆියා ජීමින්ගේ ඇඳ උඩට නැගලා කිව්වේ ජන්කුක් කොරියා වලදි අප්ලෝඩ් කරපු ෆොටෝ එකකට රියැක්ට් කරන ගමන්. ජීමින්ට ඒ කතාවෙන් වැඩක් වුණේ නෑ දැන් ටිකකට කලින් එයාට නැති වුණ නින්ද තරම්.

"පස්සේ එයා මගෙන් ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා."

සොෆියා කියලා ඉවර කරද්දිම වගේ ඇඳ ලඟම මේසෙ උඩ තිබුණ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආවේ ටිකක් සද්දෙන්.

"සහ ඔයා ඒක එයාට දුන්නා. දැන් ඉතින් කියලා ඉවර නම් ලයිට්ස් ඕෆ් කරලා දොරත් වහගෙනම එළියට යන්න. පුළුවන් නම් මගේ ෆෝන් එකත් අරන් දෙන්න."

ජීමින් කම්මැලිකමෙන් තව ටිකක් ගුලි වෙද්දි ඇස් කරකවපු සොෆියා එතනින් ආවේ ජීමින්ට අත දික් කරලත් ගන්න පුළුවන් දුරින් තිබුණ ෆෝන් එකත් ඇඳ උඩට විසි කරන ගමන්. සොෆියා ගිහිල්ලත් විනාඩි ගාණක් ගියා ජීමින්ට ජන්කුක්ගේ මැසේජ් එක බලන්න. ජන්කුක්ගේ පළවෙනි මැසේජ් එක ආපු අංකය ෆෝන් එකට සේව් කරගත්තු ජීමින් උත්තරයක් නොදීම ෆෝන් එක ඈත් කරේ සොෆියාගේ මහන්සිය අපතේ යවලා. ජීමින් ජන්කුක්ට පොරොන්දු වුණා හෙට දවසෙ එයාව ලයිබ්‍රි එකට එක්කන් යනවා කියලා. ඉතින් හෙට හම්බෙලා කතා කරන්න පුළුවන් එකේ ජීමින්ට ඕනි වුණේ නෑ රිප්ලයි එකක් යවලා ඒ කතාව දුරදිග යවන්න.

.

"ඔයා සෝල් වල ලයිබ්‍රි එකකට ගිහින් තියනවද?"

ජන්කුක් ඇහුවේ එයාගේ කාර් එක පාරට දාන ගමන්. ජීමින්ට දැන් ටිකක් දුරට ජන්කුක්ගෙ කියවිල්ල හුරුයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ජීමින් ඒකට කැමතියි කියන එක නම්.

"මං අවුරුදු දොළහෙදියි අන්තිමට කොරියාවට ආවේ."

ජීමින් ඉපදුණු දවසෙ ඉදන් ජීවත් වුණේ නිව් යෝර්ක් වල නිසා කොරියාව එයාට හුඟක් දුරස් තැනක් වුණා. ජන්කුක්ගේ හිතට වද දුන්න ප්‍රශ්නයක් තිබ්බත් ඒ ගැන ජීමින්ගෙන් අහන්න ජන්කුක් ලෑස්ති වෙලා හිටියෙ නෑ.

"ආහ් කොහොමහරි, මේ ලෝකේ මං වැඩියෙන්ම ඉන්න ආස තැන සෝල් මෙට්‍රොපොලිටන් ලයිබ්‍රි එක."

"ඔයාට පුළුවන් වෙයි මෙහෙ ලයිබ්‍රි එකත් ඒ විදිහෙ තැනක් කරගන්න."

"මං හිතනවා එතනවත් මගේ වයසට ගැළපෙන කට්ටියක් ඉදී කියලා."

ජන්කුක් කිව්වේ කලින් දවසෙ වුණ සිද්ධිය මතක් වෙලා. ජීමින් ඒකට කොයි විදිහෙ ප්‍රතිචාරයක් දුන්නත් ජන්කුක්ට ඒක නොකියා බැරි වුණා.

"මේ හෙලෝ.. මං කොෆි ෂොප් එකකට ගිහින් නැති වුණාට ඇති වෙනකන් ලයිබ්‍රි එකට ගිහින් තියනවා. ඒ ගැන වද වෙන්න එපා. අනික ලයිබ්‍රි එකේ කොයි විදිහෙ මිනිස්සු හිටියත් ඒ හැමෝම පොත් කියවන අය."

ජීමින් ජන්කුක් ඉස්සරහා සද්දෙන් කතා කරපු පළවෙනි වතාව නිසා කොල්ලා බය වුණේ නැතුවම නෙවෙයි. හැබැයි ජීමින්ගේ කම්මුල් රෝස පාට ගැහිලා තියෙනවා දකිද්දි ජන්කුක්ට එයාගේ හිනාව පාලනේ කරගන්න තොල් හපාගන්න වුණා.

"මට තේරෙනවා."

ජන්කුක් අමාරුවෙන් හිනාව පාලනේ කරන් කතා කරන්න පුළුවන් වුණ තත්පරේම කියලා දැම්මා.
__________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now