8.1

221 97 4
                                    

ජීමින් එදා පළවෙනි හිම වැස්ස දවසෙ වුණ සිදුවීම මතකවත් නැති ගාණට ජන්කුක් ඉස්සරහා හැසිරුණේ ඒ ගැන කතා කරන එක දෙන්නටම ගෙනාවේ අපහසුවක් නිසා. එහෙම දෙයක් නොවුණ ගානට ජීමින් සාමාන්‍ය දවස් වල වගේම ජන්කුක් එක්ක කතා කරලා හිටියා. ජීමින්ට එහෙම නොකර බැරි වුණා. මොකද ජන්කුක් හැමදාම උදේට එයාව එක්කන් යන එකවත් මුළු දවසක් එයා වෙනුවෙන් වැය කරන එකවත් ජීමින්ට නතර කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

"ජීමින් මං ඔයාගේ ක්ලාස් එක රෙජිස්ටර් කරා. මෙතන හැම ඩීටේල් එකක්ම තියෙනවා."

ජන්කුක් තමන්ගෙ අතේ තියපු ලියකියවිලි ටික දිහා බලද්දි වැදගත් දෙයක් එයාගේ ඇස් වලට අහු වුණා. ජීමින් හුරතලේට හිනාවෙන්න ගනිද්දි ජන්කුක් පුදුමෙන් ඒ දිහා බැලුවේ.

"මොකද ජීමින්? මං ඩීටේල්ස් වරද්දලාද?"

"නෑ.. මේ මේක බලන්න. රෙජිස්ටර් නම්බර් එක 1013. ඒක මගේ උපන් දිනේ දවසමයි."

ජීමින් පොඩි ළමයෙක්‍ට කැමති දෙයක් ලැබුණා වගේ සතුටු වුණේ එයාගේ ලකී නම්බර් එක රෙජිස්ටර් නම්බර් එකේ අගට ලැබුණ නිසා.

"ඒකනේ කියන්නේ මං වැඩ්ඩෙක්."

"යාහ් ඒක අහම්බයක් මෝඩයෝ. හරි හරි ඒකෙන් වැඩක් නෑ. ජන්කුක්ගේ බර්ත් ඩේ එක කවදද?"

ජීමින් ජන්කුක් ගැන දේවල් දැනගන්න ගොඩක් උනන්දු වුණා වගේම එයා දැනගන්න ඕනි දෙයක් ජන්කුක්ගෙන් කෙලින්ම ඇහුවා.

"ඒක නම්... සැප්තැම්බර් පළවෙනිදා."

ජන්කුක් බලන් ඉද්දිම ජීමින්ගේ මූණ මැලවිලා ගියේ අකුණක් ගැහුවා වගේ. සැප්තැම්බර් පළවෙනිදා... ඒ දවස ජීමින් කොහොම අමතක කරන්නද?

"ජීමිනී? ඔයා හොඳින්ද?"

"අහ් ඔ-ඔව්... මං නිකන් ඇහුවේ."

ජන්කුක්ගේ හිත නොරිදෙන විදිහට උත්තර දීපු ජීමින් අමාරුවෙන් හිනා වුණේ තමන් දිහාට එල්ල වෙලා තියන ජන්කුක්ගෙ බැල්මෙන් ඇස් හන්ගන ගමන්.

"ජීමින්, මගේ උපන් දිනේ ඇහුවම ඔයා සතුටු වුණේ නෑ."

ජන්කුක් ලාවට මුමුණනවා ජීමින්ට ඇහුණා.

"එදා තමයි මගේ ජීවිතේම මට නැති වුණේ ජන්කුක්. අවුරුදු දෙකකට කලින් මං තනි වුණේ ඒ දවසෙ."

ජීමින් කියද්දි ජන්කුක් ඇස් බිමට හරවගත්තේ එයා ගැන වරදකාරී හැඟීමක් දැනෙද්දි. එදාම තමන්ගේ උපන් දිනේ යෙදුණේ කියන එක ජන්කුක්ට ගෙනාවේ ලොකු දුකක්.

"මට සමාවෙන්න."

"ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි ජන්කුකාහ්. සමාව ගන්න එක නතර කරන්න."

ජීමින් කිව්වත් ජන්කුක්ගේ ඇස් ජීමින් දිහා එක පාරක්වත් බැලුවෙ නෑ. එයා වෛර කරා ජීමින්ගේ හස්බන්ඩ් නැති වුණ දවස එයාගේ උපන් දිනේ දවසම වුණ එකට.

"ඕහ් ඔයා කොහොමද මගේ ස'නේම් එක දන්නේ?"

ජීමින් බැලුවේ නමට ඉස්සරහින් තිබුණ හිස්තැනේ ජීමින් පාර්ක් කෑල්ලට කලින් තියන එයාගේ හස්බන්ඩ්ගේ වාසගම දිහා. ජන්කුක් ඒක එකතු කරයි කියලා ජීමින් නිකමටවත් හිතුවෙ නෑ.

"මං අංකල්ගෙන් අහගත්තේ."

ජීමින් ඔළුව වනලා ඒ ලියකිවිලි එයාගේ ඩාන්සින් ස්ටුඩියෝ එකේම පාස්කෝඩ් එකක් ගහලා හයි කරපු ලොකර් එකට දැම්මා.

"හැමදේම හරි. හෙට ඉඳන් අලුතෙන් පටන් ගමු ජීමිනී. හ්වයිටිං.."

ජීමින් එයාගේ අතෙන් චිය' කරන ගමන් තමන්ටම කියාගනිද්දි ජන්කුක් ඒ දිහා ආදරෙන් බලන් හිටපු විදිහ ජීමින්ට මග ඇරුණා.

________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now