#$ CHAPTER 01 $#

59 10 0
                                    

"ඔහ්.... ඔසොසේයෝ... මොනාද ඕනේ මිස්ටර්....?"

මං හැමදාම කියන ඒ සුපුරුදු වාක්‍ය කියලා හිනා වෙලා බැලුවේ මගේ මල් කඩේට ආපු ඒ තරුණ මහත්තයා දිහා.

"ම්ම්..... මට හිතාගන්න බෑ මොන මල් ද ගන්නේ කියලා. එයා මං දන්න හැම මලකටම කැමතීයි."

ඒ ආපු කෙනා හිනා වෙවී කිව්වේ ඔලුවේ අතකුත් ගහගෙන වටේටම ඇස් යවන ගමන්.

"ආහ්... ඒක මෙතනට එන හැම කෙනාම ෆේස් කරන ලොකුම ගැටළුවක් නේ මිස්ටර්. විශේෂයෙන්ම ම ඒ කෙනාව සප්‍රයිස් කරන්න මල් අරගෙන යන අයට එහෙම......"

මං එහෙම කියාගෙනම කවුන්ටර් එකෙන් එළියට එද්දී එයා ඔලුව වැනුවේ ටිකක් ලැජ්ජාවෙන් වගේ කියලා මට හිතුණා.

"මිස්ටර්... ඩේට් එකකට නං මං කියන්නේ යෙලෝ රෝසස්, නැත්තම්...... ඩේසි මල් හොඳයි කියල."

"ඒ ඇයි ඔයා එහෙම කිව්වේ? සාමාන්‍යයෙන් දෙන්න ඕනේ රෙඩ් රෝසස් නේද?"

එයා ඇස් දෙක ලොකු කරගෙන ඇහුවෙ පුදුමයෙන් වගේ මගේ දිහා බලලා.

"ඔය හරි මිස්ටර්. සාමාන්‍යයෙන් නං ඒ වගේ වෙලාවල්වලට දෙන්නේ රෙඩ් රෝසස් තමයි. ඒත් මිස්ටර්.... මිස්ටර් කැමති නැද්ද ඒ සාමාන්‍ය  අය අතරේ අසාමාන්‍ය කෙනෙක් වෙන්න? හැමෝම කරන දේවල් නොකරන, වෙනස් කෙනෙක් විදිහට එයා ඉස්සරහට යන්න...? ම්ම්ම්ම්.....?"

මං හිනා වෙවී කියද්දී එයා චුට්ටක් හිතන්න ගත්තේ නළලත් රැළි කරගෙන.

"හ්ම්ම්.... ඔයා හරි. මටත් ඕනේ වෙනස්ම දෙයක්. වෙනස් විදිහක්. මං කියන්නද? මට ඩේසි මල් ලොකුම ලොකු පොකුරක් දෙන්න. මේ ශොප් එකෙ නමටම හරියන්න ගත්තේ නැත්තං හරියන්නේ නෑ නේ නේද?"

එයා එහෙම කියද්දී ඔලුව වනපු මං ඉක්මනට ඩේසි මල් පිරිච්ච ලොකුම ලොකු පොකුරක් එයාට ඕනෙ විදිහට හදලා දුන්නා. එයා ඒක දැකලා ගොඩාක් සතුටු වුණා වගෙයි මට හිතුණේ. මං ඒ පොකුර දෙන්න යද්දිම මගේ ඔලුව අමුතු විදිහට කැරකෙන්න ගත්තා. ඉස්සරහා පේන දේ පවා බොඳ වෙලා පෙනෙද්දී මට ලාවට දැක්කා එය මගේ දිහා බයවෙලා බලාගෙන ඉන්නවා. මං තදින්ම කවුන්ටරේ තියෙන මගේ මේසෙ අල්ලගත්තේ හීනෙන් වගේ දේවල් පේන්න පටන් ගද්දී.  

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now