#$ CHAPTER 07 $#

36 8 3
                                    

"අනී... අන්ද්වේ ... ඒක වෙන්න නං දෙන්නම බෑ. අද මැරුනත් මේක වෙන්න දීලා මට බලං ඉන්න නං බෑ...."

ජීහා හතිත් දාගෙන හොස්පිට්ල් එකෙන් එලියට දිව්වේ ලාවට කඳුළු උනාගෙන එද්දී. එයාට එකපාරටම මතක් වුණේ යුන්ගි එයාව උස්සගෙන එද්දී ඇඟේ හැප්පුන කෙනාව. අකුණක් කෙටුවා වගේ ඒ බොඳ වෙලා පෙනිච්ච රූපේ බෙල්ල හරියෙන් කොටලා තිබ්බ ටැටූ එක මතක් වෙද්දී එයාගේ මුළු ඇඟම වෙව්ලන්න ගත්තේ මාරයා තමන් ගාවටම ඇවිත් කියලා දැනගෙන.

"අ..අජුශ්ශී... ඉක්මනට යං මින්දෝ පාලම ගාවට... පල්ලී... ලොකූ හදිස්සියක්.. ඉක්මනට යං...."

එයා කෑගහගෙනම ඉක්මනට ටැක්සි එකකට ගොඩ වුනේ හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන්.

"අනේ දෙයියනේ... ඒ දෙන්නා වෙන්න එපා... ඒ දෙන්නා මං දැක්ක දෙන්නා නං වෙන්න එපා... "

ජීහා දහස් වරක් හිතුවා.

පැය කාලකට විතර පස්සේ එතැනට ලං වෙද්දී එතන පුන්චි කළබලයක් වගේ තියෙනවා එයාලා ඈත තියාම දැක්කා.

"මිස්... ඈතින් පොඩි කළබලයක් වගේ. ඒ හින්දා වේගෙන්.... මිස්.. මිස්.. කොහෙද යන්නේ ඔය... බලාගෙන.. වාහන එනව.... මිස්..."

අජුශ්ශී කෑ ගහද්දිම අඩියට දෙකට වාහනේ දොරත් ඇරගෙන එළියට දිව්ව ජීහා හතිත් දාගෙන එතනට දිව්වේ ඒ දෙන්නට කිසිම කළබලයක් වෙන්න එපා කියලා හිත හිතමයි. 

"යු..යුන්ගී ඔප්පා..... ටේ... ඔප්පා...."

ඈත තියාම කළු ඇඳගෙන හිටිය කෙනෙක් ඒ දෙන්නා පැත්තට ගන් එකක් දික් කරගෙන කෑගහනවා දැක්ක ජීහා බයෙන් වටවෙලා බලාගෙන ඉන්න මිනිස්සු අස්සෙන් අස්සෙන් රින්ගගෙන ඉස්සරහට දිව්වා.

"ඕක නවත්තනවා සැරයක් කිව්වම.... තමුසෙට මොකද්ද අපි එක්ක තියෙන ප්‍රශ්නේ? අනික පොලීසිය ආවම තමුසේ කොහොමත් හිරේ තමයි."

ටේහ්යොන්ග් කෑ ගැහුවේ අතක් ඉස්සරහට දික් කරගෙන.

"හහ්.. තමුසෙලා නිසා මගේ කොල්ලා තාම ඇතුලේ. ඒකා පෝරකේට යන්න වෙලා තියෙන්නේ තමුන් හින්දා. මං නං කොහොමත් එතනින් පැන්නේ තමුසෙලාව නැති කරගන්නම තමයි. හහ්... මට ජීවිත් උනත් එකයි මැරුනත් එකයි. හැබැයි මං ගියොත් යන්නේ තමුසෙලාව නැති කරගෙනම තමයි"

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now