#$ CHAPTER 10 $# [ අවසානය _ 02 කොටස ]

25 8 0
                                    

"හරි එහෙනං. අපි පටන් ගමු. ජීහා මෙතනින් ඇල වෙන්නකෝ..."

හරියටම දවස් දෙකකට පස්සේ ටේහ්යොන්ග් යුන්හා දෙන්නත් එක්කම ඩොක්ටර් චෝයි ඉස්සරහා හිටියා. ජීහා ඩොක්ටර් චෝයි ඉස්සරහා තිබ්බ ඇඳේ ඇලවෙද්දී ටේගි දෙන්නා ඒ දිහා උවමනාවෙන් බලාගෙන හිටියා. ටේගි දෙන්නා දිහා බලපු ඩොක්ටර් චෝයි එයාගේ අතට පුන්චි නෙක්ලස් එකක් අරගෙන ජීහා ගාවට ගිහින් එතනම තිබ්බ පුටුවෙන් වාඩි වුණා.


"ජීහා.... ඔයා මේ නෙක්ලස් එක දිහාම බලාගෙන ඉන්න... හොඳට.."

එහෙම කියපු ඩොක්ටර් චෝයි එයාගේ මූණ ඉස්සරහින් ඒක පැද්දුවම ජීහාත් ඒ දිහා කට ඇරගෙන බලාගෙනම හිටියා.


"හරි... ඔයාට දැන් නිදිමතයි. ජීහා ඔයාට දැන් ලොකු නිදිමතක් එනවා.ඔන්න හරියටම තප්පර තුනකින්. හනා.. තූල්... සෙත්"

එහෙම කියලා එයා ජීහා ගේ කණ ගාවින් ඇඟිලි දෙකෙන් සද්දයක් දැම්මම ජීහා එහෙම්මම ඇස් දෙක වහගත්තේ ටේගි දෙන්නා මූණට මූණ දිහා බලාගද්දී.


"හොඳයි ජීහා... ඔයා දැන් ඉන්නේ කොහෙද? මට කියන්න ඔයාට පේන්නේ මොනාද? ඇහෙන්නෙ මොනාද? ගඳක් සුවඳක් දැනෙනවද?"

ඩොක්ටර් චෝයි සන්සුන් විදිහට අහද්දී ජීහා මොකුත්ම කිව්වේ නෑ.


"ජීහා.... මාව ඔයාට් ඇහෙනවා නේද? කියන්න බලන්න මොනාද පේන්නේ කියලා..."


"මං... මං ඉන්නේ 'ඩෙඉජි ෆ්ලෝරා' එකේ. හැමතැනම මල් සුවඳයි. මට... මට මොනාද පේනවා.... එකපාරටම.... ඩොක්ටර් යුන්ගී.... එයාව... එයාව පඩිපෙළෙන් වැටෙනවා... එයාට සිහිය නෑ.... එයාව.. එයාව... ඉක්මනට තියටර් එකට අරගෙන යනවා.... මගේ කඩේ කස්ටමර් කෙනෙක් ඉන්නවා... මගේ ඔලුව හොඳටම රිදෙනවා...."

ජීහා ඇස් දෙක තදට වහගෙන කෑගැහුවේ අත් දෙකෙන් ඔලුව තද කරලා අල්ලගෙන.


"හරි ජීහා... ඔයා හොදින්..... ඔයාට ප්‍රශ්නයක් නෑ. ඔයා තව ටිකක් ඔයාගේ ජීවිත කාලේ පස්සට යන්න ඕනේ. ඔයාට දැන් අවුරුදු 15යි. ඔයා මොකද්ද කරන්නේ? ඔයාට මොනාද දැනෙන්නේ?"

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now