#$ CHAPTER 03 $#

41 10 8
                                    

"මං මේ කරන දේ නිසා එයාලට මං ගැන සැකයක් ඇති වෙයිද දන්නෑ. ආයිශ්... කවදා කරපු හොර වැඩ ද? කමක් නෑ. එයාට හොඳක් කරන්නනේ යන්නේ. පස්ස ගහන්න එපා ජීහා.... හ්ම්ම්... හ්වයිටින්ග්....."

ලොකූ හුස්මක් ගත්ත ජීහා එයාගෙ ඔලුවේ දාගෙන තිබ්බ කළු පාට කැප් එක හදාගත්තේ මූණ ටිකක් කවර් වෙන විදිහට. එය හිමීට හොස්පිටල් එක ඇතුළට් ඇවිදගෙන ගියේ සැරින් සැරේ වටපිටත් හිමීට බලන ගමන්.


"අන්න්යෝන්ග්...."

එයා හොස්පිටල් එකේ රිසෙප්ශන් එකට ගියේ ලාවට හිනා වෙලා. 


"අන්න්යොන්ග්... මොනාද මිස් වෙන්න ඕනේ?"

එතන හිටිය කෙනෙක් එහෙම කියලා ජීහාගේ මූණ දිහා බැලුවම ජීහා කළබලෙන් තොල හපන්න ගත්තේ හාට් එක ඩබල් ස්පීඩ් ගැහෙද්දී.


"ආහ්... මේ...මේකයි.... ඩොක්ටර් මින් යුන්ගී කියලා කෙනෙක් ඉන්නවා නේද මෙහේ. මං එයාගේ දුර නෑදෑ කෙනෙක්. අද මං කොරියා ආවේ එයාව සප්‍රයිස් කරන්න. ඔයාට පුලුවන් ද ඔන්නී එයාගෙ ක්වාටස් එකේ එඩ්‍රස් එක දෙන්න? මං ගොඩාක් කාලෙකින් එන නිසා මට මතක නෑ හරියටම..."

ජීහා හිනා වෙවීම ලොකු කෙප්පයක් ඇදබෑවේ ඒ කෙනා ජීහාගේ උඩ ඉඳන් යටටම බලද්දී. බ්ලැක් හූඩි එකක් එක්ක ඒ පාටම කැප් එක, බ්ලැක් ඩෙනිම.... මේ දිහා බැලුවම නං ඒ කෙනාට හිතුනෙම ජීහා මාෆියා ගැන්ග් එකක වැඩ කරන්නේ කියලා.


"ආහ්.. මේ... සමාවෙන්න අපි මේකේ වැඩ කරන කිසිම කෙනෙක්ගේ පෞද්ගලික තොරතුරු එළියට දෙන්නෑ මිස්. සාමාවෙන්න ඔයාට උදව් කරන්න බැරි වෙන එකට."

එයා එහෙම කියද්දී ජීහා පොඩ්ඩක් කළබල වුණා.


"අනේ එහෙම කරන්න එපා ඔන්නී.. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ... ඒ මගෙ ඔප්පා... මට අද නවතින්න වෙන්නේ එහේ. එයා ක්වාටස් එකට එද්දී එතන ලස්සනට ඩෙකරේට් කරලා එයාව පුදුම කරන්නයි මට ඕනේ... චේබාල්.... චේබාල් ඔන්නී...."

ජීහා පොඩ්ඩක් තාත්වික විදිහට ඇක්ට් කරලා බැලුවෙ එහෙමවත් මේක දැනගන්න ලැබෙයි ද කියලා හිතලා.

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now