#$ CHAPTER 08 $#

34 8 0
                                    

යුන්ගි මුළු රෑම ඇහැරගෙන ජීහා ගැන ගොඩාක් සැලකිල්ලෙන් බලාගෙන හිටියේ කිසිම පහසුකමක් නැති මෙතන එයාට මොකක්හරි ප්‍රශ්නයක් වෙයිද කියලා බයෙන්. ට්‍රීට්මන් කරා වුනත් ඇඟ ඇතුලේ මේ වෙද්දී මොනා වෙනවද කියලා හරියටම දැනගන්න බැරි වෙච්චි නිසා යුන්ගි එයා ගාවම ඉඳගෙන සැරින් සැරේ එයාව චෙක් කරේ කෝකටත් හොඳට.


"යුන් ජීහා.... ඔයාව මං කොහොමහරි බේරගන්නවා... පොරොන්දු වෙනවා. "

ජීහා ගාවට නැමුනු යුන්ගි එයාගේ නළලින් කිස් එකක් තිබ්බේ ටිකක් වෙලා එයාගේ මූණ දිහා බලාගෙන ඉන්න ගමන්. ජීහාගේ එහා පැත්තෙන් ඇලවෙලා හෙඩ් බෝඩ් එකට ඔලුව ගහගත්ත යුන්ගි හිමීට ජීහාගේ ඔලුව අත ගෑවේ ලොකු හුස්මක් පාත දාන ගමන්. 



**********************************************************


"චීෆ්... පොඩ්ඩක් මෙහාට එන්න. අපිට දෙයක් හම්බුණා...."

රෑ තිස්සෙම මින්දෝ පාලම ගාව ඉඳන් ගඟේ පහාළට සෝදිසි මෙහෙයුමක් කරගෙන යන ගමන් පැය ගාණකට පස්සේ එක භටයෙක් කෑගහලා කිව්වේ එයාගේ අතෙ තිබ්බ ටෝච් එකත් වනන ගමන්. එයාගේ සද්දෙට එතනට ඉක්මනට අපු ඒ ටීම් එකේ හෙඩ් එතනට් නැමිලා පොඩ්ඩක් ඒ දිහා බලාගෙන හිටියා.


"මේ ඇදුම්.... එයාලගේ වෙන්න ඇති. එක්කෙනෙක්ට තුවාලයි කිව්වා නේද? මං හිතන්නේ එයාලා බේරිලා තියෙනවා.. ඕහ් මං හරි... පේනවද ගං ඉවුරේ වැදිලා තියෙන ෆුට් මාක්ස්. මං හිතන්නේ එයාලා කොහොමහරි ගොඩට ඇවිත්. කාටහරි හොඳටම තුවාල වෙලා. ගොඩාක් වෙලාවට ඒ ගෑණු කෙනාට වෙන්නැති. අපි ඉක්මනට ඉස්සරහට යං. එයාලා මේ වෙද්දී  ඔන තත්ත්වේ ඉන්නව ද කවුද දන්නේ? මෙඩිකල් ටීම් එක රෙඩී වෙලා ඉන්න. පල්ලී පල්ලී... ඉක්මනට ටීම් දෙකක් බෙදිලා යන්න දෙපැත්තට. එයාල ගැන හෝඩුවාවල් හම්බුනොත් ඉක්මනට කියන්න."


"දේ චීෆ්..."

එයාට සැලියුට් කරපු අනික් අය ඉක්මනට ටීම් දෙකකට බෙදිලා එක ටීම් එකක් එක පැත්තකට යද්දී ආයෙම ටෝච් එක පත්තු කරගත්තු හෙඩ් ඉක්මනට ඉක්මනට අනික් ටීම් එකත් එක්ක ඉස්සරහට අඩිය තිබ්බේ යන පාරේ එයාලගේ හෝඩුවාවල් එහෙම තියෙනව ද කියලා හොඳට බලන ගමන්. 

I am not a Prophet || MYG || COMPLETED ||Wo Geschichten leben. Entdecke jetzt