#$ CHAPTER 09 $#

32 8 0
                                    

"හොඳයි ඩොක්ටර්. අපි මේකට හැම පියවරක්ම ගන්නවා. දැනට සිහිය නැති වෙලා ඉන්න පේශන්ට් ගෙන් කට උත්තරයක් ගන්න මං පස්සේ එන්නම්. මට උදව් කරාට කම්සාන්මිදා ඩොක්ටර්. මං එහෙනං ගිහින් එන්නම්. හදිස්සියක් උනොත් ඩොක්ටර්ලට පොලීසියට කැඳවන්නම්."

ඒ පොලිස් නිළධාරියා එහෙම කියාගෙනම ඉඳන් හිටිය තැනින් නැගිටිද්දී අනික් දෙන්නත් නැගිට්ටා.


"දේ අරස්සෝ. අපි එන්නම්."

ඒ දෙන්නාට බෝ කරපු ඒ පොලිස් නිළධාරියා එතනින් යද්දී ඒ දෙන්නා ආයෙම එතන ඉඳගත්තා.


"හොඳ වෙලාවට ජීහා ගැන මොකුත් කිව්වේ නැත්තේ. මං හිතුව ගම කයි කියලා"

ටේහ්යොන්ග් එහෙම කිව්වේ වට පිට බලන ගමන්.


"මොකක් ගැනද කියවන්නේ? යාහ්.... උඹ හෙන ජීනියස් කියල ද හිතන් ඉන්නේ ආහ්? මං දන්නවා එයාගේ මේ හැකියාව එයාට අනික් පැත්තට උනත් කැරකෙන්න පුලුවන් කියලා. ඒකයි නොකිව්වේ. ආයිශ්... උඹ සෑහෙන්න උඹ ගැන උඩින් හිතාගෙන ඉන්නවා නේද?"

කට කොනට නෝන්ඩි හිනාවක් දාපු යුන්ගි එහෙම කියලා අහක බලාගද්දී ටේහ්යොන්ග්නුත් කට කොනකින් යන්තන් හිනාවක් දැම්මා.


"හරි හරි ඒකෙන් වැඩක් නෑ. ජීහා නැගිට්ටම කියන්න ඕනේ ඒ ගැන කියන්න යන්න එපා කියලා. එයාලා ඒ කතා විශ්වාස කරන එකක් නැතිවෙයි."


"අපිත් මුලදි විශ්වාස කරේ නෑ නේ."


එතකොටම තමයි ඇඳක තියාගත්තු ජීහාව එතනට අරගෙන ආවේ. ඒ ළඟම තිබ්බ රූම් එකට ජීහව චේන්ජ් කරලා ඒ අය එතනින් ගියාට පස්සේ ඒ කාමරේ ඇතුළට ගිය ටේගි දෙන්නා එයාගේ ඇඳ දෙපැත්තෙන් වාඩි උනේ එයාගේ අතක් අල්ලගෙන.


********************************************************


"තාමත් අපිට එයාගේ වෙනසක් පේන්න නෑ ඩොක්ටර්. අපි බලමුකෝ මොකද්ද කරන්න පුලුවන් හොඳම දේ කියලා.. ම්ම්...."

එහෙම කියපු ඩොක්ටර් කෙනෙක් රිපෝට් එකත් බල බල එතනින් එහාට ඇවිදගෙන යද්දී එකතැනම හිටගෙන හිටිය යුන්ගි ලොකු හුස්මක් පාත දාල බිම බලාගත්තේ ඇස් දෙකත් තදට මිරිකගෙන. එයා හිමීට අඩිය තිය තිය ගියේ ජීහා ඉන්න රූම් එකට. ජීහාගේ එහා පැත්තෙන්ම ඉඳගත්ත යුන්ගි ලොකු උස්මක් පාත දාලා ජීහාගේ අතක් අල්ලගත්තේ එයාගේ මූණ දිහා දුකින් බලාගෙන.

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now