#$ CHAPTER 10 $# [ අවසානය _ 01 කොටස ]

25 8 0
                                    

ඉක්මනින්ම ජීහාගේ තෙරෙපි පටන් ගත්ත නිසා ඩොක්ටර් යුන්ගිත් එයා එක්කම වගේ හිටියේ එයාව තනි නොකර. එයාට කොච්චර මහන්සි දවසක් වුණත් එයා ඒ හැමදේම අමතක කරලා පුලුවන් හැමවෙලාවෙම ජීහා ගාවටම වෙලා හිටියේ අනික් වෙලාවලදී ටේහ්යොන්ග්ට ජීහා ගැන බලන්න කියලා.


"ඔප්පා.... මාව බලන්න එන්න මහන්සි වෙන්න එපා අනේ. මං දන්නවා ඔප්පට මහන්සී කියලා. ක්වාටස් එකට ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්නකෝ. මට ප්‍රශ්නයක් නෑ නේ දැන්. තව ටික දවසකින් මට ඇවිදින්න පුලුවන්"

දවසක් හවස යුන්ගි ජීහාගේ රූම් එකට ආපු වෙලාවක ජීහා එහෙම කිව්වේ මූණ දෙක කරගෙන.


"ඇවිදින්න පුලුවන්?"


"දේ... ඔන්න බලන්නකෝ...."

එහෙම කියපූ ජීහා ඇදෙන් හිමීට බිමට අඩිය තියලා පොඩි කෙනෙක් ඇවිදින්න හදනවා වගේ අඩියක් දෙකක් තුනක් ඉස්සරහට ඇවිදගෙන ගියේ අත් දෙකත් දෙපැත්තට කරලා බැලන්ස් වෙන ගමන්.


"ඔහ්..."


"ඔය ඉතින්..."

එයාව එකපාරටම ඉස්සරහට වැටෙන්න යද්දී යුන්ගි ඉක්මනට පැනලා එයාව අල්ලගත්තේ කට ඉරක් කරගෙන ජීහා දිහා බලලා.


"හරි හරි. ඔන්න ආයේ බලන්නකෝ...."

ජීහා එයාගේ ඇඟ වටේ තදට එතිලා තියෙන යුන්ගිගේ අත් දෙක ගලෝගන්න හදන ගමන් එහෙම කියද්දී යුන්ගි තවත් තදට එයාව බදාගත්තේ ටිකක් උදට උස්සගන්න ගමන්. එතකොට ජීහාගේ කකුල් දෙක බිම යන්තන් වැදී වැදී තිබ්බා.


"පණ්ඩිතයා.... "

යුන්ගි රවාගෙන වගේ එහෙම කියද්දී ජීහාට කට කොනකින් යන්තන් හිනාවක් ගියා.

"මොකෝ නිකං"


"අනී... මේ..... ඔයා ඔහොම ඔරවගෙන ඉද්දී නිකං පූසෙක් ගොරෝනවා වගේ. හරි කියුට්"


"මේ බටර් ගාලා මෙතනින් පනින්න නං හිතන්නවත් එපා අරස්සෝ... ? මේ හොස්පිටල් එක වටේම සිකියුරිටි එක වැඩි කරලා තියෙන්නේ මැඩම් ගැන දන්න හින්දම. ඒ නිසා එහෙන් මෙහෙන් පැනලා අඬු කඩාගන්නැතුව ඉක්මනට හොඳ වෙනවා. හුම්ම්... "

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now